සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව දෙසැම්බර් හතර වැනි සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසිය.

රියාද් තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකුම පැමිණීමට නියමිත ජංගම සේවාවෙන් ගමන් බලපත් ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිතය. කම්කරු නිලධාරින් ද මෙහි පැමිණෙන බව තානාපති කාර්යාලය පවසයි.

මෙම ජංගම සේවාව සඳහා පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් උදැසනින් පැමිණ පැමිණීමේ අංකයක් ලබා ගෙන තානාපති නිලධාරීන්ට සහාය දක්වන්නැයි ද ඉල්ලා සිටි. ගමන් මාර්ග සහ අනිකුත් විස්තර සදහා පහත අංක අමතන මෙන් ඉල්ලා සිටියි. සුමිත් 0500998349 පතිරාජ 054 5214452  

embassy-banner