සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි සැප්තැම්බර් 4 වැනි සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 2.30 දක්වා අල කොබාර් වෙරළාසන්න පෙදෙසේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දසත පුවත් වෙත පැවසුවේය.
රියාද් තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකුම පැමිණීමට නියමිත මෙම ජංගම සේවාවෙන් ගමන් බලපත් කටයුතු ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිත අතර කම්කරු ගැටළු සදහා කම්කරු නිලධාරින් කිහිප දෙනෙක් පැමිණීමට නියමිතය.
මෙම ජංගම සේවාව සඳහා පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් උදෑසනින් පැමිණ ටෝකන් පතක් ලබා ගෙන තානාපති නිලධාරීන්ට සහාය දක්වන ලෙසත් ගමන් මාර්ග සහ අනිකුත් විස්තර සදහා පහත අංක අමතන මෙන් ඉල්ලා සිටි.
සුමිත් 0500998349
පතිරාජ 05214452

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd