සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන නැගෙනහිර පළාත තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි ජුනි මස 5 වැනි සිකුරාදා උදැසන 7.00 සිට සවස 2.00 දක්වා අල් කොබාර් වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන බව තානාපති කාර්යාලය පවසයි.
ගමන් බලපත් දීර්ඝ කිරීම්, අලුත් ගමන් බලපත් සදහා ඉල්ලුම් කිරීම්, නව උප්පැන්න ලියාපදිංචි කිරීම් ඇතුළු සියලු ලිපි ලේඛන කටයුතු, කම්කරු ගැටලු, රක්ෂණ ගෙවීම් ආදී කටයුතු මෙදින ද සිදුවන බැවින් උදෑසනින් පැමිණ තම වාරය පැමිණෙන තෙක් ටෝකන් අනු අංකයක් ලබාගෙන තානාපති නිලධාරින් හට සහාය දක්වන මෙන් බලධාරීන් ඉල්ලා සිටි.
වැඩ කටයුතු පහසු කර ගැනීම සදහා තානාපති කාර්යාලයේ අනුමැතිය ලත් ස්වෙච්ඡා කණ්ඩායමක් ඉදිරිපත්වී ඇති බැවින් අවශ්‍ය උපදෙස් ඔවුන්ගෙන් ලබාගන්නා ලෙසද දන්වා සිටියි.
මාර්ග පිළිබඳව විස්තර දැනගැනීම සදහා මෙම අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැක.
සුමිත් ...0500998349 /පතිරාජ 0545214452/දයා කහදවල 0507861163
ලලිත් ප්‍රේමලාල්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි රටේ ඇති තානාපති කාර්යාලය මෙන් ඔහෙත් එක වැඩක් ඉටු කරන්න 15% චොමිස් එකක් ගන්නවද ? (කේ)
මෙහෙ ජංගම තානාපති සේවයට මම ගියා පාස්පෝර්ට් එක අලුත් කර ගන්න, එහි නිලධාරීන් ඉතාම හොඳින් මගේ වැඩේ කර දුන්න.(නදී)
ඒ අයට පුළුවන් ආකාරයට වැඩ කරලා දෙනවා. ස්වේච්ඡාවෙන් ජනතාවට අවශ්‍ය සේවය කරන අයත් ඉන්නවා. මෙහි ඉහළම නිලධාරියා සිරිපාල ගම්මන්පිල මහතා ඇතුළු සියලුම නිලධාරින් හොඳ සේවයක් කරනවා. (නි)
ලියනගේ,මොනවද 15% කොමිස් කියන්නේ? ( රජයේ අදාළ ගාස්තු නම් අයකරනවා) (නි)