සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි ඔක්තෝබර් දෙවැනි (2) වැනි සිකුරාදා පෙරවරු 7 සිට පස්වරු 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකුම පැමිණීමට නියමිත මෙම සේවාවෙන් ගමන් බලපත් ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිත අතර කම්කරු ගැටළු සඳහා කම්කරු නිලධාරින් කිහිප දෙනෙක් පැමිණීමට නියමිතය.
සියලු ශ්‍රී ලාංකිකයින් උදෑසනින් පැමිණ ටෝකන් පතක් ලබා ගෙන තානාපති නිලධාරීන්ට සහාය දක්වන මෙන් ඉල්ලා සිටියි. ගමන් මාර්ග සහ අනිකුත් විස්තර සදහා පහත අංක වලින් ලබාගත හැකිය.
සුමිත් 0500998349.පතිරාජ 0545214452

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලදායිතාවය හොඳද (බ)
සේවා ස්ථානයෙන් නොයෙකුත් කරදර නිසා පැන ගිය ගෘහ සේවිකාවන්ට රියාද් වලින් සහනයක් ලැබුණ බව දැන ගන්න ලැබුණා .. දමාම් වලට ඒ සහනය නැද්ද ?(ම)
උදේන්ම එන්නේ කොහොමද අරාබි කාරයා අපේ ගැනුන්ව හිරකරගෙනනෙ ඉන්නේ. (බ)