හවුති කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද සෞදි  ගුවන් ප්‍රහාරයකින් කැරලිකරුවන්  20 දෙනෙක්  මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

 
යේමනියේදී හවුති සටන්කාමීන් සිටින ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. 
 
මෙම ප්‍රදේශය  සෞදි ආණඩුවට පක්ෂපාතී කණ්ඩායම්  හා හවුති කැරලිකරුවන්  අතර ගැටුම් හටගත් ප්‍රදේශයකි.   
 
2015 වර්ෂයේදී යේමනය විසින් යුද්ධයට මැදිහත් වී මිලිටරි සහාය ලබා දෙන ලෙස සෞදි අරාබියට ආරාධනා කර ඇත. 
 
සිව් වසරක යුද්ධයෙන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් තවත් මිලියන 3 ක් පමණ පිරිස අවතැන් වී ඇත.
 
මෙම යුද්ධය යේමනය  සාගතයකට ඇද දමා ඇත.   
 
 
(63226)