රජ සැප අතහැර සාමය වෙනුවෙන් අයිඑස්අයිඑස් අන්තවාදීන් හා සටන් වැදීමට සෞදි රජකුමරුවෙක් එක්ව සිටී.
කලේඞ් බින් සල්මාන් කුමරු සෞදි අරාබි රජ කිරුළට උරුමක්කාරයෙකි.නමුත් ඔහු සෞදි අරාබියා ප‍්‍රහාරක ගුවන් නියමුවන් කණ්ඩායමක් හා එකතුව අන්තවාදීන්ට එරෙහිව ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් සිටී.
මේ ගුවන් නියමු කණ්ඩායමේ එක්සත් අරාබි එමිීර් රාජ්‍යයේ පළමු කාන්තා ගුවන් හමුදා නියමුවරිය වන මේජර් මේරියම් අල් මන්සූරිද සිටින්නීය.උපාධිධාරිනියකද වන ඇය තම කාලය අයිඑස්අයිඑස් ත‍්‍රස්තයින් මැඞීම සදහා කැපකර ඇත්තීය.
අන්තවාදීන්ට සහය දක්වන්නේයැයි එක්සත් ආරාබි එමීර් රාජ්‍යය ඇතුළු බලවත් මැදපෙරදිග රටවලට චෝදනා නැගී තිබියදී මෙසේ රජකුමරුවෙකුද,තම පළමු ගුවන් නියමුවරියද අන්තවාදීන්ට එරෙහිව සටන් වදිමින් සිටීම ලොව රටවල් අරාබිකරය ගැන ඇති දුර්මතයන් ඉවත් කර ගැනීමට මග පාදනු ඇතැයි අරාබි නායකයින් විශ්වාසයෙන් සිටී.
ගුවන් නියමු කණ්ඩායම එල්ල කර තිබෙන ප‍්‍රහාරයන්ද මේ දක්වාම ඉතා සාර්ථක ප‍්‍රතිඵල අත්කරගෙන තිබෙන අතර ඒ නිසාවෙන්ම කණ්ඩායමේ සාමාජිකයින්ට ලැබෙන මරණ තර්ජනයන්ගේද නිමක් නොමැති බව සඳහන්ය.
මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වය තෙවන ගල්ෆ් යුද්ධය ලෙස යුධ විචාරකයෝ හඳුන්වති.දැනටමත් ඇමරිකාව අන්තවාදී ඉලක්ක වලට ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් සිටින අතර නුදුරේදීම බි‍්‍රතාන්‍යයද ඇමරිකාව හා හවුල් වීමට නියමිතය.
ගුවන් ප‍්‍රහාර එල්ල කළද හමුදා භටයින් අරාබිකරයේ මෙහෙයුම්වලට අනුයුක්ත කිරීමේ අදහසක් නැතැයි දෙරටම නිවේදනය කර ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කුමාරයෝ...? (ස)
බ්‍රිතාන්‍ය රජ පවුලේ අය ඇෆ්ගනිස්ථානයට යන්නේත්, සමහර රටවල ජනාධිපතිවරුන්ගේ දරුවන් හමුදාවක නිලතල දරන්නෙත් මෙම සිද්ධාන්තයට අනුව බව මගේ අදහසයි. (නි)
නුවණ් ඔයා අදම ඇස් දෙක ඇරලා බලන්න. ඕක බොරුවකට හා සමානයි. තවත් අන්තවාදී අදහස් දැමීමෙන් වලකින්න.(අ)
ඇත්තවශයෙන්ම අගය කල යුතු දෙයක් මෙය. මේ දෙදෙනා අන්තවාදීන්ට පක්ෂ මුස්ලිම් රටවලට මාහැඟි ආදර්ශයක්. අන්තවාදයට, ත්‍රස්තවාදයට සවුදි අරාබිය, එ.අරාබි එමීර් රාජ්‍යය කවදත් විරුද්ධයි. (අ)
ඇමරිකාව තමයි ඇමරිකාව කියන්නේ. පත්තු කරන එක පත්තු කළා නියමෙට. මම හිතන්නේ මේවා ඉගෙනගන්න ඇත්තේ අපේ රටෙන්වද්ද කියලා. දැන් ඉතින් ඒ ගොල්ලෝ ඒ ගොල්ලෝ මරාගන්නවා (නි)
අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් සෞදි අරාබියටද තර්ජනය කොට තිබෙනවා.ඔවුන්ගේ අනාගත සිහින රාජ්‍යයට සෞදියත් ඇතුලත් කර තිබෙනවා.ප්‍රභාකරන් ඊලාම් සිතියමක් නිර්මාණය කලා සේ මොවුන්ද සිතියමක් නිර්මාණය කරලා. එමනිසා මනුෂ්‍යත්වයට එරෙහි මොවුන් පරාජය කිරීමට සෞදි රජ කුමරෙක්ම ඉදිරිපත් වීම දෙවියන් වහන්සේම මොවුන්ට දඬුවම් දීමට එව්වා හා සමානයි.(අ)
ඒ වුණාට ලංකාවෙන් හමාස් ත්‍රස්තවාදීන්ට මිලියනයකින් ආධාර කලේ? මොනවා බලාපොරොත්තුවෙන්ද? (අ)
සදාම් හුසේන් හිටියම් හොඳයි නේද? (ස)
සවුදි , කටාර් ඇතුළු රජයන් පසුගිය අවරුදු කිහිපයේම මෙවැනි අන්තවාදී කල්ලි වලට මුදලින් උපකාර කල බව කවුරුත් දන්නා දෙයක් .(දී)
පිටිගල මෙතන මිනිස්සු අන්දන්න හදන්න එපා (දී)
මලිත් ඔය කාවද මේ රවට්ටන්න හදන්නේ. ඔයාගේ නම බොරුවක් සෞදි අරාබිය තරම් අන්තවාදී මිනිස්සු සිටින රටක් ලෝකේ කොහෙවත් නැහැ. රෙදි අපුල්ලන්න එපා (නදී)
අවවාදයට වඩා ආදර්ශය උතුම් (දී)
හොඳ වැඩක් (දී)
ඉතා හොදයි (දී)
මේවයේ අපි නොදකින පැත්තක් තියෙනවා , මේවා සියල්ලම විදුරුවක කුණාටුව වාගේ , අැමරිකානුවගේ කොට කබායේ හැංගිල කරන සෙල්ලම්. (ස)
හරියටම හරි වට කරලම ගහන්න ඕනේ ..... (ස)
අරාබි රටවලටත් හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් අවස්තාවක්. කාන්තා අයිතීන් උල්ලන්ඝනය කරනවා කියන ජාතියේම ගුවන් නියමුවරියන් ඉන්නවා. නමුත අපේ? (ස)
හොඳ ආදර්ශයක්. අපේ සමහරු නම් දැන් කියයි ඕකත් කුමන්ත්‍රණයක් කියලා. අන්තවාදයට විරුද්ධව(දී)
පසන් මල්ලි, අපේ රටේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමු වරියන් ඉන්නවා. (දී)
අවි ගත්තෝ අවියෙන් නසී , බුදු දහමේ කියන්නේ සත්‍ය කියා වැටහෙනවා නම් , මේවා සිදුවන්නේ නේ , අපේ රටෙත් කාලයක් අවි ගත් ත්‍රස්තවාදීන් සිටියා , ඔවුනුත් අවියෙන්ම නෑසුනා (අ)
මමත් ඉතින් වරදක් නම් දාකින්නේ නැහැ (දී)
අනේ මන්දා රටක් තිබිලා එපායැ රජ කරන්න (දී)
ඇෆ්ඝනිස්ථානයේ,ඉරාකයේ,සිරියාවේ ලිබියාවේ සහ බොහෝ රට වල ත්‍රස්තවාදය බිහිකළේ සමහර අයගේ වීර ඇමෙරිකාව බව සිතන අය හෝ දන්නා අය එතරම් නැතිසෙයක් පෙනේ.මුදල් හා විනාශකාරී ආයුධ දෙමින් ත්‍රස්තවාදය බිහිකළේ ඔවුන්ය. කෙනෙකුට අවි ආයුධ දී අනෙකා විනාශ කිරීමේ කාලයයි මේ. (නි)
මමත් ආසම ගුවන් හමුදාවට (දී)
මෑත ඉතිහාසයේ එහෙම ප්‍රභූවරයෙකුට යුද බිමේදී අනතුරක්වත් වෙලා කියලා අහලවත් තිබෙනවද? (නි)
හොඳ ආදර්ශයක්. අපේ සමහරු නම් දැන් කියයි ඕකත් කුමන්ත්‍රණයක් කියලා. (නි)
පිටිගල බොරුනේ කියන්නේ. (නි)
බුර්කාව ඕනේ කියල කෑ ගහන අන්තවාදීන්ට හොඳ ඡායාරුප පෙළක් තියෙනවා බලන්න! (ස)