සෞදි රජ පවුලක කුමාරයෙකුට මරණ දඬුවම නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මිට වසර තුනකට පෙර රියාද් නුවරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෞද් අල්-කබීර් නම් රාජ කුමාරයාට මරණ දඬුවම හිමි විය.

ඔහු මේ වසරේදී එරට දී මරණ දඬුවම හිමි වූ 134 වෙනියා බව විදෙස් මාධ්‍ය පවසයි.නමුත් රාජකීය පවුලක සාමාජිකයෙකුට මරණ දඬුවම හිමිවන්නේ ඉතාමත්ම කලාතුරකිනි.මිට පෙර රාජකීය කුමාරයෙකු මරණ දණ්ඩනයට නියම වුයේ 1975 දීය.ඔහුට මරණ දඬුවම ලබාදුන් ආකාරය පිලිබඳ තොරතුරක් නොමැත.නිතිය සැමට සමාන වීම සතුටුදායක බව සෞදි රට වැසියෝ පවසති.