ඉරානය යේමනයේ ආයුද සන්නද්ධ සටන්කාමීන්ට රොකට් සැපයීම සෘජු යුදමය ආක‍්‍රමණයක් යැයි සෞදියේ ඔටුන්න හිමි මොහම්මෙද් බින් සල්මාන් කුමරු පවසා තිබේ.
සෞදියේ ඔටුන්න හිමි කුමරු බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමඟ දුරකතන සංවාදයක යෙදෙමින් ඉහත කරුණු පවසා ඇතැයි සෞදියේ රාජ්‍ය පුවත් සේවය වන එස්.පී.ඒ වාර්තා කර තිබිණි.
ඉරානය යේමනයේ හවුති සටන්කාමීන්ට රොකට් සැපයීම රාජධානියට එරෙහිව ගන්නා ලද යුදමය කි‍්‍රයාමාර්ගයක් යැයි ද සෞදියේ ඔටුන්න හිමි කුමාරයා බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යවරයා සමඟ තවදුරටත් පවසා තිබේ.
හවුති සටන්කාමීන් එල්ල කරන ලද බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට හැකි වූ බව ද සෞදි ගුවන් ආරක්ෂක බලකාය මීට දින කිහිපයකට පෙර නිවේදනය කළේය. සෞදියේ අසල්වැසි යේමනයේ අගනුවර වන සානා නුවරද ඇතුළුව වැඩි කොටසක් පාලනය කරන්නේ හවුති සටන්කාමීන්ය.
එම කි‍්‍රයාවට ඉරානය සහාය දුන් බවට ඇමෙරිකා එක්සත් ජනපදය හා සෞදි අරාබිය ඉරානයට චෝදනා එල්ල කළේය. ඉරානය විනාශකාරී, තමන් කුපිත කරන හා තමන් අපවාදයට පත් කරන අයුරින් කටයුතු කරන බවට ඇමෙරිකාව සහ සෞදිය චෝදනා කරමින් නිවේදන ද නිකුත් කළේය. කෙසේ නමුත් ඉරානය එම චෝදනා ප‍්‍රතික්ෂේප කළේය.
(රොයිටර්-055)
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි කුමරුගෙන් ඉරානයට චෝදනා