දශක ගණනාවකට පසු සෞදි අරාබිය අද (5) කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාදීම ආරම්භ කළේය.
කාන්තාවන්ට රිය පැදවීමට නොහැකි වන අයුරින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට සෞදි අරාබිය තීරණය කළ අතර ලබන 24 වැනිදා සිට සෞදි කාන්තාවන්ට රිය පැදවීමට අවස්ථාව සැලසේ.
සෞදියේ ඔටුන්න හිමි කුමරුන් වන මොහොමද් බින් සල්මාන් කුමරු දියත් කර තිබෙන සමාජ, සංස්කෘතික සහ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට මෙම අවසරය හිමිවිය.
සෞදියේ ඔටුන්න හිමි කුමරු දැඩි සම්ප්‍රදායවාදී ඉස්ලාමීය රාජ්‍යයක් වන සෞදි රාජධානිය නවීකරණය කිරීමේ ප්‍රතිසංස්කරණවාදී පිළිවෙතක් අනුගමනය කරයි.
ඒ.එෆ්.පී
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd