IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සෞදි කතුන්ට ඡන්ද වරම් ලැබෙයි

සෞදි කාන්තාවන්ට ඡන්දය ඉල්ලීමටත් ඡන්ය ප්‍ර‍කාශ කිරීමටත් ඉතිහාසයේ ප්‍ර‍ථම වතාවට අද අවස්ථාව ලැබී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. එම අවස්ථාව ලැබී ඇත්තේ නගර සභා ඡන්ද විමසීමේ දී ය. මෙවර ඡන්දය සඳහා අපේක්ෂිකාවන් 978 දෙනකු ඉදිරිපත් වී තිබීම ද විශේෂත්වයකි. ඔවුන් සමග සෞදි පිරිමි 5938ක් තරඟ වැදීමට සුදුසුකම් ලබා සිටිති. ඡන්දය දීම සඳහා 130,000ක් පමණ කාන්තාවන් පිරිසක් සුදුසුකම් ලබා සිටින බව ද බීබීසී පුවත් සේවය පවසයි. සෞදියේ පිරිමි ලක්ෂ 13ක් ඡන්දය ප්‍ර‍කාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

අපේක්ෂිකාවන්ට කතා කරන්නට අවස්ථාව ලැබි ඇත්තේ පිරිමි අපේක්ෂකයන්ගෙන් වෙනකරන ලද ස්ථානයක සිටිමිනි. නැතිනම් පිරිමි අයකු විසින් එම කාන්තාවන් නියෝජනය කරමින් කාන්තා අපේක්ෂිකාවගේ අදහස් ප්‍ර‍කාශ කළ යුතුය. .නගර සභා සතු බලතල සීමා සහිත වුව ද මේ මැතිවරණය සෞදි කාන්තාවන්ට ඉතා වැදගත් අවස්ථාවක් බව විචාරකයෝ කියති.

කෙසේ වෙතත් කාන්තාවන්ට රිය පදවාගෙන ඡන්ද මධ්‍යස්ථානයට යාමට අවසර නොමැති බැවින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක අබර් නම් කුලී රථ සේවාවක් යොදා ගනිමින් ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට අවසරය ඇත.

මෙවර මැතිවරණයෙන් තේරාගන්නා සභිකයන් සංඛ්‍යාව 2100කි. සෞදි රජුගේ අවසරය ඇතිව වැඩිපුර 1050ක් එක්කළ බැවින් එතරම් ප්‍ර‍මාණයකට මෙවර අවස්ථාව උදාවී ඇත.



අදහස් (0)

සෞදි කතුන්ට ඡන්ද වරම් ලැබෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 515 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site