සෞදි කාන්තාවන්ට ඡන්දය ඉල්ලීමටත් ඡන්ය ප්‍රකාශ කිරීමටත් ඉතිහාසයේ ප්‍රථම වතාවට අද අවස්ථාව ලැබී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. එම අවස්ථාව ලැබී ඇත්තේ නගර සභා ඡන්ද විමසීමේ දී ය. මෙවර ඡන්දය සඳහා අපේක්ෂිකාවන් 978 දෙනකු ඉදිරිපත් වී තිබීම ද විශේෂත්වයකි. ඔවුන් සමග සෞදි පිරිමි 5938ක් තරඟ වැදීමට සුදුසුකම් ලබා සිටිති. ඡන්දය දීම සඳහා 130,000ක් පමණ කාන්තාවන් පිරිසක් සුදුසුකම් ලබා සිටින බව ද බීබීසී පුවත් සේවය පවසයි. සෞදියේ පිරිමි ලක්ෂ 13ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
අපේක්ෂිකාවන්ට කතා කරන්නට අවස්ථාව ලැබි ඇත්තේ පිරිමි අපේක්ෂකයන්ගෙන් වෙනකරන ලද ස්ථානයක සිටිමිනි. නැතිනම් පිරිමි අයකු විසින් එම කාන්තාවන් නියෝජනය කරමින් කාන්තා අපේක්ෂිකාවගේ අදහස් ප්‍රකාශ කළ යුතුය. .නගර සභා සතු බලතල සීමා සහිත වුව ද මේ මැතිවරණය සෞදි කාන්තාවන්ට ඉතා වැදගත් අවස්ථාවක් බව විචාරකයෝ කියති.
කෙසේ වෙතත් කාන්තාවන්ට රිය පදවාගෙන ඡන්ද මධ්‍යස්ථානයට යාමට අවසර නොමැති බැවින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක අබර් නම් කුලී රථ සේවාවක් යොදා ගනිමින් ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට අවසරය ඇත.
මෙවර මැතිවරණයෙන් තේරාගන්නා සභිකයන් සංඛ්‍යාව 2100කි. සෞදි රජුගේ අවසරය ඇතිව වැඩිපුර 1050ක් එක්කළ බැවින් එතරම් ප්‍රමාණයකට මෙවර අවස්ථාව උදාවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd