IMG-LOGO

සෞදි ඔටුන්න හිමි කුමරු තලේබාන් සංවිධානය හමුවීමට යයි

සිය පාකිස්තාන සංචාරය අතරතුරදී සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් හමු වී සාකච්ඡා පැවැත්වීමට සූදානම් යැයි වාර්තා වේ. 

වසර 17ක් මුළුල්ලේ ඇෆ්ගනිස්තානයේ පවතින සිවිල් යුද්ධය අවසන් කිරීමේ එක් පියවරක් ලෙස එලෙස ඔටුන්න හිමි කුමරු තලේබාන් නියෝජිතයන් හමුවීමට නියමිත යැයි පාකිස්තාන රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

පාකිස්තානය ඇෆ්ගනිස්තානයට සාමය උදා කරදීමේ ක්‍රියාවලියේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. පසුගිය මාස කිහිපයේදී ම ඇෆ්ගනිස්තානයට සාමය උදා කරදීම සඳහා සාකච්ඡා පැවැති අතර තලේබාන් සංවිධානයේ නියෝජිතයෝ ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.

සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් ද එම සාකච්ඡාවලට එක්විය. ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට සිය හමුදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.  

රොයිටර් ඇසුරිනි

055

 



අදහස් (0)

සෞදි ඔටුන්න හිමි කුමරු තලේබාන් සංවිධානය හමුවීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1551 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site