( ලලිත් ප්‍රේමලාල් සෞදි අරාබියේ සිට)
සෞදි අරාබියේ මදීනා විශ්වවිද්‍යාලය මගින් හයවෙනි වරටත් ඉදිරිපත් කරන ලද සංස්කෘතික ප්‍රසංගයෙන් දෙවැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලාංකික සිසු දරුවන් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික මණ්ඩපය සමත් වූ බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පවසයි.
රටවල් 70ක් පමණ සහභාගීවූ සංස්කෘතික සංදර්ශනය සදහා ශ්‍රී ලංකාවේ සංස්කෘතිකමය මෙන්ම වෙළඳ, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය පිළිබඳව හඳුන්වා දුන් ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංසදය මගින් ඉදිරිපත් කරන ලද මණ්ඩපය බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.
මෙම ආකර්ශනීය වෙළද ප්‍රදර්ශනය නැරබීම සදහා රියාද් ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතාද සහභාගි විය. ශ්‍රී ලාංකික දරුවන්ගේ කැපවීම මත ඉදිරිපත් කරන ලද සංස්කෘතික මණ්ඩපය ඇගයීමකට ලක් කළ අතර ඕනෑම සහයෝගයක් දීමටද පොරොන්දු විය. මෙම ප්‍රදර්ශනයෙන් දෙවන ස්ථානය හිමි වීම වෙනුවෙන් නවීන පන්නයේ මෝටර් රථයක් ශ්‍රී ලාංකික දරු දැරියන් වෙනුවෙන් ත්‍යාග වශයෙන් හිමිවීමද විශේෂත්වයකි.

2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි අරාබියේ සංස්කෘතික ප්‍රසංගයෙන් ශ්‍රී ලංකාවට දෙවැනි තැන
charitha Monday, 15 May 2017 05:49 AM
කෝ මේවට ප්‍රතිචාර දක්වන අය එහෙම නැද්ද?
tiktik Monday, 15 May 2017 09:31 AM
පල්ලියක ආකාරයට සංස්කෘතික මණ්ඩපය ඉදිකරපු එක ජයග්‍රහණයට රුකුලක් වෙන්න ඇති, අපේ සංස්කෘතික මණ්ඩපයට වෙච්ච දෙයක්....
Senarath Wednesday, 17 May 2017 03:24 AM
සියල්ල ලංකාවේ වගේ කරන්න බැරි වුනත් දූලා, පුතාල මහන්සිවෙලා කරපු දේට සාධාරණයක් වෙලා තියෙනවා. මෙයටත් වඩා හොදින් ලබන වසරේදී කරන්න. අපේ සුභපැතුම්