( ලලිත් ප්‍රේමලාල් සෞදි අරාබියේ සිට)
සෞදි අරාබියේ මදීනා විශ්වවිද්‍යාලය මගින් හයවෙනි වරටත් ඉදිරිපත් කරන ලද සංස්කෘතික ප්‍රසංගයෙන් දෙවැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලාංකික සිසු දරුවන් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික මණ්ඩපය සමත් වූ බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පවසයි.
රටවල් 70ක් පමණ සහභාගීවූ සංස්කෘතික සංදර්ශනය සදහා ශ්‍රී ලංකාවේ සංස්කෘතිකමය මෙන්ම වෙළඳ, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය පිළිබඳව හඳුන්වා දුන් ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංසදය මගින් ඉදිරිපත් කරන ලද මණ්ඩපය බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.
මෙම ආකර්ශනීය වෙළද ප්‍රදර්ශනය නැරබීම සදහා රියාද් ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතාද සහභාගි විය. ශ්‍රී ලාංකික දරුවන්ගේ කැපවීම මත ඉදිරිපත් කරන ලද සංස්කෘතික මණ්ඩපය ඇගයීමකට ලක් කළ අතර ඕනෑම සහයෝගයක් දීමටද පොරොන්දු විය. මෙම ප්‍රදර්ශනයෙන් දෙවන ස්ථානය හිමි වීම වෙනුවෙන් නවීන පන්නයේ මෝටර් රථයක් ශ්‍රී ලාංකික දරු දැරියන් වෙනුවෙන් ත්‍යාග වශයෙන් හිමිවීමද විශේෂත්වයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේවට ප්‍රතිචාර දක්වන අය එහෙම නැද්ද?
පල්ලියක ආකාරයට සංස්කෘතික මණ්ඩපය ඉදිකරපු එක ජයග්‍රහණයට රුකුලක් වෙන්න ඇති, අපේ සංස්කෘතික මණ්ඩපයට වෙච්ච දෙයක්....
සියල්ල ලංකාවේ වගේ කරන්න බැරි වුනත් දූලා, පුතාල මහන්සිවෙලා කරපු දේට සාධාරණයක් වෙලා තියෙනවා. මෙයටත් වඩා හොදින් ලබන වසරේදී කරන්න. අපේ සුභපැතුම්