සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අවට ප්‍රදේශවාසි ශ්‍රී ලාංකික දානපතින්ගේ අනුග්‍රහයෙන් විසි වැනි වරටත් සංවිධානය කළ වෙසක් මහා පිංකම පසුගිය සතිය පුරා තුන්දහසකට නොඅඩු ශ්‍රී ලාංකික සහ විවිධ රටවලට අයත් පිරිස් හි සහභාගිත්වයෙන් ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී  පැවැත්විණි.    

පසුගිය තුන්වැනි දින සිට අට වැනි දින දක්වා පැවැති මෙම මාහැගි වෙසක් පිංකමට “සත්සතිය” තොරණක් ද කැරකෙන පහන් කුඩු, රුවන්වැලි මහා සෑයේ අනුරුවක් ද ප්‍රදර්ශනය කැරිණි. භක්ති ගීත,ජාතක කතා ඇසුරෙන් සැකසුණු බෞද්ධ නාට්‍ය,ධර්ම දේශනා, ශීල ව්‍යාපාර, ලේ දන්දීමේ ව්‍යාපාර සහ දන්සල් ද ඇතුලත්  විය. අට වැනි දින උදැසන උපාසක උපාසිකා හැත්තෑ දෙනෙක් පමණ අට සිල් සමාදන් වූහ. දහවල් දානය රියාද් අවට ප්‍රදේශවාසි සැදහවතුන් විසින් පිළිගන්වන ලදී.

මියන්මාර සහ වියට්නාමයේ තානාපතිවරු ද මේ  පිංකමට  සහභාගි  වුහ. ශ්‍රි ලංකා තානාපති කාර්යාලයයේ නිලධරයෝ  ද කිහිප දෙනෙක් ම අෂ්ඨාංග ශිලය සමාදන් වූහ. තානාපති කාර්යාලයේ සියලුම  නිලධරයෝ  මෙම පිංකමට  මනා දායකත්වය දුන්හ. අමාත්‍ය ගම්මන්පිල මහතා  ඊට  මුල් විය.

DSC04476 DSC04480 DSC04488 DSC04496 DSC04497 DSC04516