බුවර්නෝස් අයර්ස්හිදීය (ඒ.එෆ්.පී)
ජී20 සමුළුවට සහභාගී වීම සඳහා සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් ආර්ජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස්හි වෙත අද (29) පැමිණියේය.
ඔහු ආර්ජන්ටිනාවට පැමිණියේ සෞදි මාධ්‍යවේදියකු වූ ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඔහුව අත්අඩංගුවට ගන්නැයි මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන රැසක් ආර්ජන්ටිනා රජයට සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා දිනකට පසුය.
ජී 20 සමුළුව අද (30) ආරම්භ වීමට නියමිතය.
කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවත් කුමරු ඊට සම්බන්ධ නම්, ඔහුට එරෙහිව දැඩි දඬුවම් ලබා දීම කළ යුතු බවත් බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් පෙන්වා දී ඇත.
ඇමෙරිකාව සෞදි හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී.
ඒ සම්බන්ධයෙන් සෙසු රටවලින් පමණක් නොව කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තුර්කිය ද සෞදි අරාබියට චෝදනා කර ඇත.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd