IMG-LOGO

සීත හිමේ චාරිකාවක්

මිහිතලය උණුසුම්වීමෙන් සිදුවන විනාශය දැක බලා ගැනීමේ සවාරියක් 2016 අගෝස්තු මස 16 දා ආරම්භ කිරීමට නියමිතය.

අධි සුඛෝපභෝගී නෞකාවකින් මේ සවාරිය යාමට නියමිතය. ඇලස්කාවෙන් ආරම්භකරන මේ ගමන දින 31 ට පසු නිව්යෝර්ක් නගරයෙන් අවසන් කිරීමට නියමිතය.

මේ ගමනේ දී අයිස් කඳු දියවී උත්තරධ්‍රැවය විනාශ වෙමින් යන ආකාරය. හිම වළසුන්, පෙන්ගුවින් වැනි ශීත දේශගුණයේ ජීවත්වන සතුන් නැරඹීම හා මිහිතලය උණුසුම් වීමෙන් මේ සතුන් පීඩාවට පත්ව සිටින ආකාරය දැක ගැනීම මේ ගමනේ අරමුණ බව සංවිධායකයෝ කියති.

ගමන සඳහා යොදා ගන්නේ මහල් 13 කින් යුතු නෞකාකි. සියළු පහසුකම්වලින් යුතු මේ නෞකාවේ 1070ට ගමන් කිරීමේ ඉඩකඩ ඇත. ටොන් 68,000ක් බරැති නෞකාව උත්තර ධ්‍රැවයේ පිහිටි දූපත් හා අයිස් කඳු අතරින් ගමන් කිරීමට නියමිතය.

දැනටමත් මේ සඳහා පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් අත් පත්‍රිකා පවා බෙදා දෙමින් තිබේ. සංවිධායකයන් පවසන්නේ මේ ගමනට සහභාගී වන අයකුගෙන් ස්ටර්ලිං පවුම් 25,000ක් හෙවත් රුපියල් 5,550,000.00 ක් අයකිරීමට සිදුවන බවයි.

article-2708256-20108BA400000578-460_306x423 article-2708256-20108B9700000578-726_634x337 article-2708256-20108B9B00000578-876_306x423 article-2708256-200E85F800000578-397_634x387

 

 



අදහස් (0)

සීත හිමේ චාරිකාවක්

සංජිව Tuesday, 05 August 2014 05:59 AM

මේක හැමෝමටම බලපාන අති බයංකාර ප්‍රශ්නයක් කිසිම කෙනෙක් මේගැන හිතන්නේ නැහැ ධ්‍රවවල හිම දියවීමෙන් දැනටමත් සාගරවල ජල මට්ටම විශාල ලෙස ඉහල යමින් පවතිනවා.අපි වගේ දුපත් රටකට මෙය ඉතා නරකලෙස බලපානව තවද මෙනිසා කාලගුණයත් ඉතා වේගයෙන් වෙනස්වෙමින් පවතිනවා . (දී)

:       0       0

සන්සුන් Tuesday, 05 August 2014 05:32 PM

මට පොඩි ගානක් මදි ඔය ගමනට. මම ළඟ දෙනාට ඉතුරු කරගත්ත ගානක් තියනවා. තව £ 24999 වගේ මදි. බලමු. ලැබූනොත් යනවා (දී)

:       0       0

නෙහාරා Tuesday, 05 August 2014 07:58 AM

මට නම් පොඩි අදහසක් තියනවා ඔය ගමන යන්න (නි)

:       0       0

කුමාර් Tuesday, 05 August 2014 12:15 PM

ඇයි "ඇසළ" ඔයාට අමතක උනාද අපේ රටේ ලොකුම සල්ලි කාරයෝ ටික, එයාල හරිම පරිසර හිතකාමී. (දී)

:       0       0

ඇසළ Tuesday, 05 August 2014 04:08 AM

බොරු කියන්න ඕනේ නැහැ අපිට නම් බැහැ ඔච්චර ගානක් වියදම් කරන්න. නමුත් ආඩම්බරයි කියන්න අපේ කොච්චර දේසපාලන උත්තමයෝ ඉන්නවද පවුල පිටින්ම ඔය ගමන යන්න පුළුවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 42 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1592 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1711 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site