රොද්‍රිගු ඩුටර්ට් පිලිපීනයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පහුගිය සති හතේ ඝාතන 1900ක් පමණ සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  

රට තුල මත්ද්‍රව්‍ය තුරන් කරන බවට ඔහු ජනාධිපතිවරණයේදී පොරොන්දුවක් ලබා දී තිබිණි. ඒ පොරොන්දුව දැඩි ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය කරමින් සිටියි. ඔහු මත්ද්‍රව්‍ය වලට එරෙහිව යුද්ධයක් දියත් කළේය.  අත්අඩංගුවට නොගැනෙන බෙදාහරින්නන් ඝාතනය කරන ලෙස පොලිසියටත් මහජනතාවටත් ඔහු දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට සිදුවූ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ  පැවැත්වේ.

මිය ගිය අයගෙන් 750ක් පොලිස් මෙහෙයුම් වලදී ඝාතනය වී ඇති බව  පොලිසිය පවසයි. පෙර නොවූ විරු අයුරින් ඝාතන සිදුවීම පිළිබඳ සෙනෙට් සභාවේ මුලිකත්වයෙන් පරීක්ෂණයක් ද පැවැත්වෙයි.එම පරීක්ෂණ සදහා මිය ගිය අයගේ පවුලේ සාමාජිකයින්ගෙන් ද සාක්ෂි ලබාගැනීමට නියමිතයි.නීතිමය ක්‍රියාමාර්ගයක් නොමැතිව දහසක් පමණ ඝාතනය කර ඇති බවට මානව හිමිකම් කණ්ඩායම් පවසයි. මත්ද්‍රව්‍ය විකුණන්නන්,ඇබ්බැහි වුවන් කිසිම නඩු විභාගයකින් තොරව ඝාතනය කර ඇත.