රොද්‍රිගු ඩුටර්ට් පිලිපීනයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පහුගිය සති හතේ ඝාතන 1900ක් පමණ සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රට තුල මත්ද්‍රව්‍ය තුරන් කරන බවට ඔහු ජනාධිපතිවරණයේදී පොරොන්දුවක් ලබා දී තිබිණි. ඒ පොරොන්දුව දැඩි ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය කරමින් සිටියි. ඔහු මත්ද්‍රව්‍ය වලට එරෙහිව යුද්ධයක් දියත් කළේය. අත්අඩංගුවට නොගැනෙන බෙදාහරින්නන් ඝාතනය කරන ලෙස පොලිසියටත් මහජනතාවටත් ඔහු දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට සිදුවූ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.
මිය ගිය අයගෙන් 750ක් පොලිස් මෙහෙයුම් වලදී ඝාතනය වී ඇති බව පොලිසිය පවසයි. පෙර නොවූ විරු අයුරින් ඝාතන සිදුවීම පිළිබඳ සෙනෙට් සභාවේ මුලිකත්වයෙන් පරීක්ෂණයක් ද පැවැත්වෙයි.එම පරීක්ෂණ සදහා මිය ගිය අයගේ පවුලේ සාමාජිකයින්ගෙන් ද සාක්ෂි ලබාගැනීමට නියමිතයි.නීතිමය ක්‍රියාමාර්ගයක් නොමැතිව දහසක් පමණ ඝාතනය කර ඇති බවට මානව හිමිකම් කණ්ඩායම් පවසයි. මත්ද්‍රව්‍ය විකුණන්නන්,ඇබ්බැහි වුවන් කිසිම නඩු විභාගයකින් තොරව ඝාතනය කර ඇත.
2025 නොවැම්බර් මස 04
603
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1713
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සති හතක් තුළ පිළිපීනයේ ඝාතන 1900ක්
කුමාර් (ගල්ෆ්) Wednesday, 24 August 2016 05:57 PM
ලංකාවටත් ඕනෑ මේ නීතියම තමයි. නැත්නම් කවදාවත් ලංකාව කුඩුවලින් බේරන්න බැහැ. (නි)
නුවන් Wednesday, 24 August 2016 07:12 PM
ලංකාවෙත් මෙහෙම වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා (නි)
සුකිරි Wednesday, 24 August 2016 07:45 PM
ඉතින් එළනේ.... අයි මේකට මහා ප්‍රසිද්ධියක්. . මත් ද්‍රරව්‍ය ජාවාරන් කාරයෝ කම්බස් කරලා දාන එක මොන තරන් සේවයක්ද. ලෝකේ මොන රටේ උනත් මන් කියන්නේ.(රේ)
බමුණු ආරච්චි Wednesday, 24 August 2016 11:03 PM
මත්ද්‍රව්‍ය විකුණන්නන්, ඇබ්බැහිවූවන් කිසිම සැකයකින් තොරව ඝාතනය වුණා නම් එය හරිම සාධාරණ ලෙසයි මම නම් දකින්නේ. ඔන්න නායකයෝ! එ්කට අපේ රට... මත්ද්‍රව්‍ය ගෙන්වන්නේත් දේශපාලකයෝ (නි)
ප්‍රියන්ත Friday, 26 August 2016 08:10 AM
මෙම නායකයා කුඩු කාරයන්ට නොව රටට ආදරය කරන පුද්ගලයෙක් නමුත් ලංකාවේ එ්කේ අනික් පැත්ත. කෙටි කාලයකින් නඩුව අසා මරණ දඩුවම ක්‍රියාත්මක කළහොත් ලංකාවද බේරාගැනීම අපහසු නොවේ. (බ)
වෙනුර Friday, 26 August 2016 08:12 AM
බෞද්ධයන් හැටියට අපි කොහොමද ප්‍රාණ ඝාතය අනුමත කරන්නෙ. ඇත්තටම අපි බුදුන් සරණ ගිහින්ද?, දහම් සරණ ගිහින්ද?, සගුන් සරණ ගිහින්ද? කොමෙන්ට් කරපු අය තමුන්ගෙන්ම අහල බලන්න (බ)
විපුල Thursday, 25 August 2016 07:22 AM
මේවා ඉතින් අපේ ආණ්ඩුවකින් කරන්න අමාරුයි.සමහර විට එම රටවල දේශපාලකයන් මෙයට සම්බන්ධ නැතුව වෙන්න පුළුවන් නේ. (බ)
රකිත් Saturday, 27 August 2016 03:50 AM
මෙහෙම මිනිස්සු මරන්න පුලුවන් නම් මොකටද නීතියක්? (නි)
ලුම්බිණි Saturday, 27 August 2016 04:29 AM
මෙහෙම මිනිසුන් මරනවා නම් පොලිසි උසාවි මොකටද? මේක ඉදිරියට යාමක් නොවෙයි ආපස්සට යාමක්. (නි)
රන්ජිත් Thursday, 25 August 2016 09:32 AM
ලංකාවේ මේක ක්‍රියාත්මක කළොත් අපේ දියන්නාවේ රැස්වීම් තියන්න ඝණපුර්ණය නැතිවේවි (ම)
කුසුම් දල්පදාදු Friday, 26 August 2016 03:06 AM
ඔන්න නායකයෝ. එ්කටත් එක්ක අපේ අය. (නි)
පිටබැද්දර ජයා Thursday, 25 August 2016 09:48 AM
රටකට නීතියක් අවශ්‍යයි. නීතියට අනුව මිසක් හිතුමතේට මිනීමරන එක සාධාරණීකරනය කරන්න බැහැ. පහුගිය කාලේ අපේ රටෙත් වුණේ එහෙමනේ. යහපාලනයට පින් සිද්ධවෙන්න අද එහෙම වෙන්නේ නැහැ. (නි)
ඉසුරන්දි Thursday, 25 August 2016 04:48 AM
අපේ රටේ ඕක ක්‍රියාත්මක වුණොත් එහෙම දේශපාලකයෝ නැති රටක් වේවි මතුවට.ඒ නිසා ගෙන්නන එවුන් හා බෙදාහරින එවුන් හැර බොන එවුන්ව පමණක් නැති කරලා දැම්මනම් හරි. (බ)
නිෂාඩ් ප්‍රීනා Thursday, 25 August 2016 05:43 AM
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොරු වෙස්මුහුණ ගැළවෙන්න දැඩිව විවේචනය කරමින් කතාකළ හොඳ කොන්දක් තිබෙන බොහොම විරල ගණයේ රාජ්‍ය නායකයා ඔහුයි. (නි)
අතුල Thursday, 25 August 2016 07:20 PM
කොහොම වුණත් ඔය ප්‍රශ්නයට මේ රටේ දෙපක්ෂයේම ඉන්න අය සම්බන්ධයි. එමනිසා එයාලා පත්කරනතුරු අපේ රටේ කුඩු නැති කරන එක සිහිනයක් (නි)