IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සේතු සමුද්‍රම් නවතී

ආන්දෝලනයට තුඩු දුන් සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත්හැර දැමීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය කටයුතු කරන ලකුණු පෙනෙන්නට තිබේ.

සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය මන්නාරම් බොක්ක,පාක් සමුද්‍ර සන්ධිය, හා බෙංගාල බොක්ක යන ප‍්‍රදේශයන් යා කරමින් නාවික ගමන් මාර්ගයක් ඇති කිරීමට සකස් කෙරුණකි.

2004 වසරේ එවක පැවැති කොංග‍්‍රස් රජයෙන් ඉදිරිපත් කෙරුණු මෙම ව්‍යාපෘතියට ශී‍්‍ර ලංකාව දැඩි විරෝධය පළ කළේය.ගමන් මාර්ගය ඉදිකළහොත් සිදුවන පරිසර විනාශය මෙන්ම ආගමික වශයෙන් වැදගත් වන ස්ථානයන් විනාශය ඒ සදහා ප‍්‍රධාන හේතු විය.මේ ආකාරයේම විරෝධයක් ඉන්දියාවෙන්ද නැගුණු අතර ඒවා පසුපස සිටියේ හින්දු භක්තිකයින්ය.නාවික ගමන් මාර්ගය ඉදිකළහොත් පාක් සමුද්‍ර සන්ධියේ විසිර පවතින ‘‘ආදම්ගේ පාලම‘‘ නැතහොත් ‘‘රාම් සේතු‘‘ නම් වන වැලි තීරය විනාශ වන බවත් වැලි තීරය පිහිටුවා ඇත්තේ රාමා යැයි විශ්වාස කෙරෙන හෙයින් ඒවාට ඉහළ ආගමික වටිනාකමක් ඇති බවත් ඔවුහු පවසන්නට යෙදුණි.

රාමායණයේ සදහන් පරිදි රාමා ඉන්දියාවේ සිට ශී‍්‍රලංකාවට පැමිණීම සදහා තැනූ පාලමේ අද දිනයේ ඉතිරිව ඇත්තේ මෙම වැලි තීරය බව හින්දු ජාතිකයෝ විශ්වාස කරති.

කොංග‍්‍රස් රජය මෙම විරෝධතා ගැන වැඩි සැළැකිල්ලක් දැක්වූයේ නැතත් භක්තිමත් හින්දු ආගමිකයෙකු ලෙස සැළැකෙන නරේන්ද්‍ර මෝදි ප‍්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ව්‍යාපෘතියේ ඇති සංවේදීභාවය ගැන වැඩි සැළකිල්ලක් දක්වා ඇති බවක් පෙනෙන්නට ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට එරෙහිව නැගෙන චෝදනා විභාග කිරීම ආරම්භ වූ අතර එහිදී මෙම ව්‍යාපෘතියට විරෝධය දක්වන බව ශී‍්‍ර ලංකාව ස්ථීර ලෙසම ප‍්‍රකාශ කර සිටියේය.

කෙසේවුවත් මේ සම්බන්ධයෙන් දෙරටේ රජයන් තවමත් ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා නැත.

ඬේලි මිරර් ඇසුරිනි.

 



අදහස් (0)

සේතු සමුද්‍රම් නවතී

ධර්මබන්දු Thursday, 31 July 2014 01:43 PM

මෙම ව්‍යාපෘතිය කලොත් හම්බන්තොට වරාය වැඩක් නැහැ . රෝහලක් හෝ හෝටලයක් කරන්න තමා වෙන්නේ , ලංකාව මුහුදු කාදනයට ලක් වෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site