හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් උ ප්‍රින්ස් හි පැවති  සැණකෙළියක සංදර්ශන රථ පෙළපාලිකට විදුලි රැහැන් පෙලක් කඩා වැටීමෙන් 18 දෙනෙක් මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා  ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ සංදර්ශණ රථයේ සිටි පුද්ගලයෙක් එම රථය ඉදිරියට යාමට හැකිවන පරිදි අවහිරව තිබු විදුලි රැහැන් පෙලක් කෝටුවක් යොදාගෙන  තල්ලු කිරීමට යාමේදී එම විදුලි රැහැන් කඩාවැටීමෙන්  මෙම අනතුර සිදුවූ බවයි.

තුවාල කරුවන්ට  ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරයෙක් පවසා ඇත්තේ මියගිය 18 දෙනාගෙන් සමහරෙක් විදුලි සැර වැදීමෙන් මියගොස් සිටි බවයි. තවත් කිහිප දෙනකුගේ මරණයට හේතුව කම්පනය බව ද වෛද්‍යවරයා පවසයි.

අනතුර සිදුවන අවස්ථාව වන විට සැණකෙලි භූමියේ දහස් ගණනක් නරඹන්නන් සිට ඇත.