නැගෙනහිර ජර්මනියේ සැණකෙළි භූමියක දී දුර්ලභ සුදු සිංහ පැටවුන් හතරදෙනකු උපත ලැබූහ. පැටවුන් බිහිකළේ සර්කස් කණ්ඩායමක සිටින සිංහ ධේනුවකි. පැටවුන් තිදෙනකු ගැහැණු සතුන්ය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පැටවුන් හොඳින් ආහාර ගනිමින් ඉතා සෞඛ්‍ය සම්පන්නව ජීවත්වන බවයි. මේ සතුන් ඇලි බවට පත්වූවන් නොවේ. සාමාන්‍ය සිංහයන්ගේ වර්ණ ප්‍රබේදයකි. මේ සිංහයෝ සාමාන්‍ය සිංහයන්ගෙන් වෙනස් වූ වෙන ම විශේෂයක් හෝ උප විශේෂයක් ද නොවෙති. ඉතා සීමා සහිත සුදු සිංහයන් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වෙයි. එම ව්‍යාපෘතියෙන් සුදු සිංහයන් වනාන්තරවලට මුදා හරයි. සුදු සිංහයා සිම්බාබ්වේ ජාතික සංකේතයකි.
මොවුන් සර්කස් කණ්ඩායම් අතර ජනප්‍රිය සත්ව කොට්ඨාශයකි. සර්කස් කණ්ඩයාමේ හිමිකරුවා පවසන්නේ මෙි සිංහ යුවළට 2012 දී පැටවු හය දෙනකු ලැබුණු බවයි. මේ නව පැටවුන්ගේ චර්යා ගැන සොයා බැලීමෙන් අනතුරුව ඔවුන්ට නම් තබන බව සර්කස් කණ්ඩායමේ සාමාජිකයෝ කියති. වසර හතරක් ගතවනතුරු මේ පැටවුන් සර්කස් කණ්ඩායමේ ප්‍රදර්ශනය නොකරන බව ද එහි හිමිකරුවා කියයි.
2025 නොවැම්බර් මස 04
382
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැණකෙළි බිමේ සිංහයෝ උපදිති
රූපවතී Monday, 25 August 2014 11:38 AM
මවුපිය සෙනෙහස, සතා සිවුපාවාගෙන් හෝ ඉගෙනගෙන දරු පවුල් ලොකුමහත් කරන්න මිනිසුනේ. එයයි මිනිස්කම. තම දරුවන් නෙත් දෙක සේ ආරක්ෂා කරන පියවරු මවුවරු මේ දෙරණේ බිහිවේවා!!! (නි)
ගාමිණී සිරිවර්දන Monday, 25 August 2014 11:57 AM
ජර්මනියේ සැණකෙළි භූමියක ධුර්ලභ ඝනයේ සුදු සිංහ පැටව් ප්‍රසුත කරනකොට ,අපේ රටේ සමාජ ශාලාවකට විෂ නැසූ නයි පැටියෙකුට වත් අවසර නැහැ.යල් පැනගිය නීති ! (අ)