IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සුඩානයේ වසර 30 ඉස්ලාමීය නීතිය අවසන්

වසර තිහක ඉස්ලාමීය පාලනය අවසන් කරමින් රාජ්‍ය සහ ආගම වෙන් කිරීමට සුඩානයේ අන්තර්වාර ආණ්ඩුව පියවර ගෙන ඇත.

සුඩානය යනු උතුරු අප්‍රිකානු රටක් වන අතර වසර ගණනාවක සිට යුද්ධවලින් පීඩා විඳියි. පසුගිය සතියේ දී ආණ්ඩුව සහ කැරැලිකාර පාර්ශව අතර ප්‍රකාශනයකට අත්සන් තැබුණු අතර සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ද එම පාර්ශව අතර එකඟතාවක් ඇති කර ගැනිණි.

ආගම සහ රාජ්‍ය වෙන් කිරීම යන කරුණු මුල් කරගනිමින් සුඩානයේ අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්දොක් සහ සුඩානයේ කැරැලිකාර කණ්ඩායමක් වන ‘සුඩාන ජනතාවගේ නිදහස් ව්‍යාපාරය-උතුර’ (සුඩාන් පීපල්ස් ලිබරේෂන් මූව්මන්ට්-නෝර්ත්) සංවිධානයේ නායක අබ්දෙල් අසීස් අල් හිලු ඉතියෝපියාවේ අඩිඩාස් අබාබා අගනුවරදී අදාළ ප්‍රකාශනයට අත්සන් තැබූහ.

‘‘සුඩානය ප්‍රජාතන්ත්‍රවාදී රටක් වීමට නම් සෑම පුරවැසියකුගේම අයිතිවාසිකම් ආරක්ෂක කළ යුතුයි. ඒ සඳහා ‘ආගම සහ රාජ්‍ය වෙන් කෙරෙන’ මූලධර්මය මත පිහිටා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි. එහිදි ස්වයං-නිර්ණයට ගෞරව කළ යුතු’’ අදාළ ලියවිල්ලේ සඳහන් විණි.

මෙම ගිවිසුමට අත්සන් තැබුණේ ආණ්ඩුව සහ කැරැලිකාර කණ්ඩායම් අතරේ සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් තැබීමෙන් සතියක් යන්නට මත්තෙනි. අදාළ ගිවිසුම් සමඟ සූඩානයේ දාර්ෆූර් සහ තවත් ප්‍රදේශ කිහිපයක පවතින ගැටුම් අවසන් වනු ඇතැයි පැවසේ. එම ගැටුම්වලින් බොහෝමයක් ඇතිවූයේ බලයෙන් පහ කෙරුණු ඕමාර් අල් බෂීර්ගේ පාලන සමයේදීය. ඕමාර් අල් බෂීර් ඒකාධිපතියකු ලෙස හැඳින්වෙන අතර පසුගිය වසරේදී බලයෙන් පහ කෙරුණි.

‘සුඩාන ජනතාවගේ නිදහස් ව්‍යාපාරය-උතුර’ කැරැලිකාර සංවිධානය ‘එස්.පී.එල්.එම්.-එන්’ යනුවෙන් ද හැඳින්වේ. එය දේශපාලන කණ්ඩායමකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. එම සංවිධානය සුඩානයේ දේශසීමාවල සිටින සුඩාන රජයේ හමුදා සමඟ සටන් වදී.

අනාගාමික පද්ධතියක් තහවුරු නොකරන කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව එම සංවිධානය ප්‍රකාශ කර ඇත.

ඉකුත් වසරේදී බලයෙන් පහ කෙරුණු ඕමාර් අල් බෂීර්, බලයට පැමිණියේ 1989 වසරේදී ය. හෙතෙම හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් අතර දේශපාලන පක්ෂ අහෝසි කරමින් ඉස්ලාමීය නෛතික සංග්‍රහයක් ස්ථාපිත කරන ලදි. ඕමාර් අල් බෂීර්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් සුඩානය ජාත්‍යන්තර තුළ හුදෙකලා විය. ඔහුගේ පාලනය යටතේ සුඩානය තුළ දැඩි ඉස්ලාමීය නීති ක්‍රියාත්මක කළ අතර සුඩානය ‘‘ඉස්ලාමීය ලෝකයේ යුද සේනවා’’ යනුවෙන් ද හැඳින්වීය. එම කාලයේදී අල්කයිඩා සංවිධානය ද සුඩානය තුළ ස්ථාපිත වූ අතර ලෝ ප්‍රකට අපරාධකරුවකු සහ ත්‍රස්තවාදියකු ලෙස හැඳින්වෙන වෙනිසියුලාවේ කාලෝස් ද ජැකල් ද සුඩානයට පැමිණියියේ.

ඇමෙරිකා එක්සත් ජනපදය 1993 වසරේදී සුඩානය ත්‍රස්තවාදයට සහාය දෙන රාජ්‍යයක් ලෙස නම් කළ අතර පසුව සම්බාධක ද පැනවීය. ඇමෙරිකා එක්සත් ජනපදය 2017 වසරේදී එම සම්බාධක ලිහිල් කළේය.

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (0)

සුඩානයේ වසර 30 ඉස්ලාමීය නීතිය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site