සුඩානයේ බටහිර ඩාර්ෆූර්හි අවතැන් කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 24දෙනකු පමණ මියගොස් 17දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර සාම සාධක හමුදාව පවසයි.
අරාබි ගෝත්‍රික පිරිසක් අවතැන් කඳවුරට පැමිණ වෙඩි තබා ඝාතනය කළ බවත් කඳවුරට ගිනි තැබූ බවත් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ ප්‍රකාශක අෂ්රෆ් අයිසා පැවසීය.
ඔවුහු අසල පිහිටි රෝහලට කඩා වැදී ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කර ලේ බැංකුව ද විනාශ කර ඇත.
කඳවුරේ සිටි බොහෝ පුද්ගලයින් ආසන්න කඳුකරයට පලා ගොස් තිබේ.
ප්‍රචණ්ඩත්වය අවට ප්‍රදේශයට ද පැතිරී ඇති බවත් අවම වශයෙන් ගම් 10ක් පුළුස්සා ඇති බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මියගිය සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවද බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුඩානයේ අවතැන් කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් 24 ක් මරුට