ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය පාලම මත බස් රථයක් ගිනිගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් එම පාලමේ මංතීරු හතරම වසා දැමීමට සිදුවී තිබේ.

බසයේ ගමන්ගත් කිසිම මගියකුට හානියක් වී නැති බවත්, ඊට හේතුව ආපදා කළමනාකරණයේ දී ක්ෂණික තීරණ ගැනීමේ රියදුරුගේ හැකියාව බවත් ප්‍රවාහන බලධාරීහු පවසති.

ගින්නෙන් මගින් බේරාගැනීමට රියදුරු ගත් ක්‍රියාමාර්ගය අගයමින් එරට ප්‍රවාහන අධිකාරිය නිවේදනයක් නිකුත් කර ඇත.

තම ජීවිතය පරදුවට තබා මගින් බේරාගැනීමේදී දුමාරය ආශ්වාස වී ඇති නිසා ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු රෝහල් ගත කර ඇත.