රැඳවුම් බාරයේ සිටි ගුරුවරයකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් සුඩාන අධිකරණය විසින් එරට බුද්ධි අංශ සාමාජිකයින් 29 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
මෙම ගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබූයේ හිටපු ජනපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකිරීමට හේතු වූ විරෝධතා අතරතුර දී ය.
ආරක්ෂක නිලධාරීන් මුලින් පවසා ඇත්තේ ඔහු වස පානය කර මියගිය බවයි.
නමුත් දින කිහිපයකට පසු හෙළිවී ඇත්තේ පහරදීම හේතුවෙන් සිදුවූ තුවාල නිසා මරණය සිදුවී ඇති බවයි.
බෂීර්ට එරෙහි විරෝධතා අතරතුර පෙළපාළිකරුවෝ දුසිම් ගණනක් මියගියහ.
විරෝධතා මෙහෙයවූ කණ්ඩායම අධිකරණ තීන්දුව සම්බන්ධව සතුට ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.
"මෙය යුක්තිය සඳහා වූ ජයග්‍රහණයක්, සියලු සුඩානුවන්ගේ ජයග්‍රහණයක් සහ විප්ලවයේ ජයග්‍රහණයක්." යැයි ඔවුහු පවසා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් UNP අය ඉන්නවද ?