සුඩානයේ බ්ලූ නයිල් පළාතේ ආයුධ සන්නද්ධ කල්ලි දෙක්ක අතරේ හටගත් ගැටුමකින් 33 ක් මියගිය බවත් තුවාල ලැබූ ගණන 108 ක් බවත් පැවැසෙයි.

ගැටුම හටගත් අවස්ථාවේ ගම්මාන සහ වෙළෙඳසැල් රැසක් ද ගිනි බත් කෙරුණි. ගැටුම හටගත්තේ බෙර්ති සහ හවුසා නමැති ගෝත්‍ර දෙකෙහි සන්නද්ධ සාමාජිකයන් අතරේය.

ගැටුම් පාලනය කිරීමට හමුදාව යෙදවීමට බ්ලූ නයිල් පළාතේ ආණ්ඩුකාරවරයා පියවර ගත්තේය. ඔහු හදිසි නීතිය පැනැවීමට ද කටයුතු කළේය.

(ඒ.එෆ්.පි.)