යේමන් රජය හා හවුති කැරලිකරුවන්ගේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වු පසු හූඩයිඩා නගරය පුරා ඉතා සාමකාමී තත්ත්වයක් උදා වී තිබේ.
එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත් වීමෙන් පැවැත් වු සාකච්ඡාවකින් පසුව ගත් තීරණයකින් පසු සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය එකඟ වු අතර ඊයේ (18) සිට මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කෙරේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත මාර්ටින් ගිෆ්රිත්ස් පවසන පරිදි මේ වන විට ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුම ක්‍රියාත්ම කිරීමෙන් අනතුරුව සාමකාමී තත්ත්වයක් පවතින බවයි.
නමුත් නගරවාසීන් පවසනුයේ නගරයේ පෙරට වඩා සාමකාමී තත්ත්වයක් පවතින බව යැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.
යුද්ධය හේතුවෙන් රට විශාල වශයෙන් විනාශයට පත් වී ඇති අතර මිලියන 14 ක් ජනයා සාගතය හේතුවෙන් පිඩා විදින අතර දරුවන් 85,000 පමණ මන්දපෝෂණය නිසා මියගොස් ඇතැයිද මාධ්‍ය වාර්තා කර තිබිණි.
( බීබීසි ඇසුරෙනි)
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd