ඉරාක හමුදා විසින් මොසූල් නගරයේ වැඩිහිටි පිරිමින්ගෙන් හා ළමයින්ගෙන් පළිගන්නා බවට ඇමිනෙස්ටි ඉන්ටනැෂනල් සංවිධානය චෝදනා කරයි.
අයි.එස් සංවිධානයට සම්බන්ධතා ඇති බවට සැක පිට අත්අඩංගුවට ගනු ලබන්නන් ප්‍රසිද්ධියේ වධහිංසාවට හා පහරදීම්වලට ලක්වන බව කියන එම සංවිධානය මේ හේතුවෙන් නිදහසේ අපරාධ කළ හැකි වාතාවරණයක් මතුව ඇතැයි ප්‍රකාශ කරයි.
මේ අතර අයි.එස් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි නිකුත් කළේ යැයි කියන හඬ පටයකින් සිය සටන්කාමීන්ට අවධාරණය කරඇත්තේ දෙවියන්ගේ සතුරන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් භූමිය අත්නොහැර අල්ලාගෙන සිටින හැටියටයි.
අතුරු හමුදා රැසක හා ජාත්‍යන්තර සහාය සහිතව සටන් වදින ඉරාක හමුදාව මොසූල් නගරය අල්ලාගැනීමේ මෙහෙයුමේ අද නිරතව සිටින්නේ 18 වැනි දිනටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd