ඉන්දියාවේ සුපිරි නළු සංජේ දත් බන්ධනාගාරයෙන් නිදහස් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 56 හැවිරිදි වියේ පසුවන ඔහු පුනේ නුවර බන්ධනාගාරයට ඇතුලත් කරන ලද්දේ ගිනි අවි ළඟ තබා ගැනිමේ චෝදනාවකට වරදකරු විම හේතුවෙනි.
1993 වර්ෂයේ දී මුම්බායි නුවර සිදුවූ පිපිරිමකින් පුද්ගලයන් 257 දෙනකු මියගොස් 713 දෙනකු තුවාල ලැබූහ. මේ ප්‍රහාරයට පැමිණි පුද්ගලයන්ගෙන් සංජේ දත් ගිනි අවි මිලදී ගත් බවට චෝදනා එල්ල වී තිබිණි.
බන්ධනාගාරයේ දී ඔහු යහපත් කල්ක්‍රියාවෙන් පසුවීම හේතුවෙන් දඬුවම් කාලය අඩු කැර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් වෙන්නට තවත් අවුරුද්දයි මාස අටක් තිබෙනකොට සංජේව නිදහස් කළා. නමුත් තවත් මේ වගේ නිදහස් වෙන්න අවශ්‍ය අය තවම හිරේ. මොකද ඉන්දියාවේ නීතිය මේ වගේ දෙවිදියකට ක්‍රියාත්මක වෙන්නේ? (නි)