සිංගප්පූරුවේ චංගි ගුවන්තොටුපළ ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස අඛණ්ඩව තෙවැනි වරටත් මේ වසරේදී සම්මාන හිමිකරගත් අතර එහි ජනප්‍රියත්වයට හා අසමසම බවට හේතුවන කරුණු 20ක් එන්ඩීටීවී වෙබ් අඩවිය වාර්තා කරයි.

ගුවන්යානය එනතුරු සිංග්පූරුවේ චංගි ගුවන්තොටුපළටවී කළ හැකි දේ බොහෝ බව එහි සඳහන්ය. එය ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇත්තේ ඒ හේතුවෙන් බව එම වාර්තාව පෙන්වා දෙයි.

1. පිහිනුම් තටාකය

චංගි ගුවන්තොටුපළේ පිහිනුම් තටාකයේ දිය කෙළියේ නිරතවන අතරතුර ඊට ඉහළින් පියාසරන ගුවන්යානා දැකගත හැකිය. එය අපූරු අත්දැකීමක් බව එහි සංචාරය කරන්නෝ කියති.

2.ඕකිඩ් උද්‍යානය

ලොව දුර්ලබ ගණයේ විසිතුරු ඕකිඩ් මල්වලින් සැදි ඕකිඩ් උද්‍යානය චංගි ගුවන්තොටුපළට අලංකාරය එක්කරයි.

3. ලිස්සන පුවරුව

මීටර් 6ක පමණ දිගින් යුතු ලිස්සුම් පථය මගින් කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද විනෝද ක්‍රියාකාරකම් මගින් සතුටුවීමට අවස්ථාව සලසා දී ඇත.

4. නොමිලේ සපයන පා සම්බාහනය

එම ගුවන්තොටුපළේ ඇති පා සම්බාහන මධ්‍යස්ථානයෙන් නොමිලේ පාදවලට සත්කාරයක් ලබාගැනීමට හැකියාව ඇත.

5. ෂෝෂල් ත්‍රී

ෂෝෂල් ත්‍රී නමැති ඩිජිටල් ගසක් ආකාරයෙන් සකස් කළ ස්ථම්භයෙහි එහි සංචාරය කරන්නන්ට තමන්ගේ ඡායාරූප හා වීඩියෝ අන්තර්ගත කිරීමට අවස්ථාව ලැබී ඇත.

6. දරුවන්ගේ සෙල්ලම් පිටිය

ඕනෑම වයසක කුඩා දරුවකුට සිත් සේ විනෝදවිය හැකි සෙල්ලම් පිටියක්ද චංගි ගුවන්තොටුපළ සතුය.

7. සාප්පු සංකීර්ණය

ඕනෑම ආකාරයේ භාණ්ඩයක් මිලට ගත හැකි අපූරු සාප්පු සංකීර්ණයක් එහි ඇතුළත්ය.

8. භෝජන ශාලාව

සිංගප්පූරුවේ ඉතාම රසවත් ආහාර පාන ලබාගත හැකි සුපිරි අවන්හලක්ද චංගි ගුවන්තොටුපළෙහි පිහිටා ඇත.

9. සමනළ උයන

චංගි ගුවන්තොටුපළේ පිහිටා ඇති සමනළ උද්‍යානය ඉතා විසිතුරු එකකි. සජීවී සමනලුන් පියඹන විසිතුරු චමත්කාරයක් එක්කරන එම උද්‍යානය සංචාරකයන්ගේ ආකර්ශනීය ස්ථානයකි.

10. සිනමා ශාලාව

දිගු වේලාවක් රැඳී සිටින සංචාරකයන්ට සිත්සේ විනෝදවිය හැකි ලෙස සකස් කළ සිනමා ශාලවද චංගි ගුවන්තොටුපළ සතු වැදගත් ස්ථානයකි.

11. සූරියකාන්ත උද්‍යානය

සූරියකාන්ත මල්වලින් ගැවසීගත් හිරුඑළිය වැටෙන විසිතුරු උද්‍යානය තවත් ආකර්ශනීය බවනක් ගුවන්තොටුපළට එක්කර ඇත.

12. විනෝද ක්‍රීඩා කුටිය

වීඩියෝ ක්‍රීඩා ඇතුළත් ක්‍රීඩා මැදුර මගින් සිත්සේ ක්‍රීඩාවේ යෙදීමට ඉඩකඩ සලසා ඇත.

13. රේසිං ක්‍රීඩා කුටිය

සජීවීව රේස් ක්‍රීඩා සමග එකතුවී අත්දැකීම් ලබාගත හැකි රේසිං ක්‍රීඩා ඇතුළත් කුටිය මගින්ද සංචාරක ආකර්ශනය නොමදව දිනා ගැනීමට චංගි ගුවන්තොටුපළට හැකිවී ඇත.

14. සුඛෝපබෝගී නිදන කුටිය

සුවපහසු ඉහළ පහළ යන දිගු පුටුවක් මත දිගාවී කෙටි නින්දක් ලබාගැනීමට සංචාරකයන්ට එහි අවස්ථාව සලසා දී ඇත.

15. කෝයි පොකුණ

අලංකාර මල් විසිතුරු පැලවලින් සැදි පොකුණේ දිය කෙළියේ යෙදීමටද සංචාරකයන්ට අවස්ථාව උදාකරදී තිබේ.

16. චලනය වන වැසි බිංදුවලට ප්‍රතිබිම්බ

කෘතිම වැසි ආකාරයට සකස් කළ දිය බිඳු වැටීමට සලස්වා එහි ආශ්වාදය විඳගැනීමට චැංගි ගුවන්තොටට පැමිණෙන පිරිසට අවස්ථාව හිමිවේ.

17. සිතුවම් නිර්මාණය

තමාට රිසි පරිදි චිත්‍ර ඇඳීමට අවස්ථාව සලසා දින් ඉන් එහි චමත්කාරජනක පරිසරයේ අසිරිය චිත්‍රයට නැගීමට හෝ සිංගප්පූරුවේ කලා නිර්මාණවල රසය විඳගැනීමට සංචාරකයන්ට ඉඩකඩ සලසා දී ඇත.

18. මෝහනීය විසිතුරු උයන

ඉතා අලංකාර විසිතුරු උයන තුළ ජීවිතයේ සොඳුරු මතක සටහන් තැබීමට සංචාරකයින්ට චංගි ගුවන්තොටුපළ අවකාශ සලසා ඇත. පරිසරයේ සංවේදී හඬ සමග මුසු කළ අතිශයින්ම ආශ්වාදජනක විසිතුරු පරිසරයක් එම උයනේ නිර්මාණය කර ඇත.

19. සිංගප්පූරු සවාරිය

පැය 5කට වැඩි කාලයක් ගුවන්තොටුපළේ රැඳී සිටින මගීන්ට පැය දෙකක කාලයක් සිංගප්පූරුවේ අභ්‍යන්තර චාරිකාවක් නොමිලේ ලබාදීමට ගුවන්තොටුපළ බලධාරීන් කටයුතු කරයි. ගංඟා මැදින් ගං ඉවුරු අද්දර පැය දෙකක කාලයක් ගමන් කරමින් නගර සවාරියේ යෙදීමට හැකියාව ලැබේ.

20. සුව පහසු අසුනයි ඉමිහිරි සංගීතයයි

සුඛෝපබෝගී ආසනයක සැහැල්ලුවෙන් ඉඳගෙන ඉතා මිහිරි සංගීතය රසවිඳීමේ අවස්ථාවද චංගි ගුවන්තොටුපළට පැමිණෙන සංචාරකයින්ට හිමිවේ.

මේ ආකාරයේ සුවිශේෂතා 20ක් ඇතුළුව ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස පිදුම් ලැබූ චංගි ගුවන්තොටුපළෙහි අසිරිය එහි එන සංචාරකයින්ට අමතක නොවන අත්දැකීමක් එක්කරයි.

a6f2293bc27d42f587b3a956372b42dfstory-pic experience_zone_63573942320151129432371710 pic2_63573941978351201511296861 pic4_63573942064272015112962777 pic5_63573942086432015112984937 pic7_63573942130241201511298736 pic8_63573942153607220151129099 pic9_635739421812015112918 pic10_635739422020151129498 pic15_635739420151129527 pic16_6357394241972015112973 pic18_63573942420151129767245184 pic20_63573942515902015112924358 snooze-lounge_63573201511297 sunflowergarden_6201511292340932577 the_slide_63201511294221