IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සංචාරකයින් පිනවන ලොව හොඳම ගුවන්තොටුපළ

සිංගප්පූරුවේ චංගි ගුවන්තොටුපළ ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස අඛණ්ඩව තෙවැනි වරටත් මේ වසරේදී සම්මාන හිමිකරගත් අතර එහි ජනප්‍රියත්වයට හා අසමසම බවට හේතුවන කරුණු 20ක් එන්ඩීටීවී වෙබ් අඩවිය වාර්තා කරයි.

ගුවන්යානය එනතුරු සිංග්පූරුවේ චංගි ගුවන්තොටුපළටවී කළ හැකි දේ බොහෝ බව එහි සඳහන්ය. එය ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇත්තේ ඒ හේතුවෙන් බව එම වාර්තාව පෙන්වා දෙයි.

1. පිහිනුම් තටාකය

චංගි ගුවන්තොටුපළේ පිහිනුම් තටාකයේ දිය කෙළියේ නිරතවන අතරතුර ඊට ඉහළින් පියාසරන ගුවන්යානා දැකගත හැකිය. එය අපූරු අත්දැකීමක් බව එහි සංචාරය කරන්නෝ කියති.

2.ඕකිඩ් උද්‍යානය

ලොව දුර්ලබ ගණයේ විසිතුරු ඕකිඩ් මල්වලින් සැදි ඕකිඩ් උද්‍යානය චංගි ගුවන්තොටුපළට අලංකාරය එක්කරයි.

3. ලිස්සන පුවරුව

මීටර් 6ක පමණ දිගින් යුතු ලිස්සුම් පථය මගින් කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද විනෝද ක්‍රියාකාරකම් මගින් සතුටුවීමට අවස්ථාව සලසා දී ඇත.

4. නොමිලේ සපයන පා සම්බාහනය

එම ගුවන්තොටුපළේ ඇති පා සම්බාහන මධ්‍යස්ථානයෙන් නොමිලේ පාදවලට සත්කාරයක් ලබාගැනීමට හැකියාව ඇත.

5. ෂෝෂල් ත්‍රී

ෂෝෂල් ත්‍රී නමැති ඩිජිටල් ගසක් ආකාරයෙන් සකස් කළ ස්ථම්භයෙහි එහි සංචාරය කරන්නන්ට තමන්ගේ ඡායාරූප හා වීඩියෝ අන්තර්ගත කිරීමට අවස්ථාව ලැබී ඇත.

6. දරුවන්ගේ සෙල්ලම් පිටිය

ඕනෑම වයසක කුඩා දරුවකුට සිත් සේ විනෝදවිය හැකි සෙල්ලම් පිටියක්ද චංගි ගුවන්තොටුපළ සතුය.

7. සාප්පු සංකීර්ණය

ඕනෑම ආකාරයේ භාණ්ඩයක් මිලට ගත හැකි අපූරු සාප්පු සංකීර්ණයක් එහි ඇතුළත්ය.

8. භෝජන ශාලාව

සිංගප්පූරුවේ ඉතාම රසවත් ආහාර පාන ලබාගත හැකි සුපිරි අවන්හලක්ද චංගි ගුවන්තොටුපළෙහි පිහිටා ඇත.

9. සමනළ උයන

චංගි ගුවන්තොටුපළේ පිහිටා ඇති සමනළ උද්‍යානය ඉතා විසිතුරු එකකි. සජීවී සමනලුන් පියඹන විසිතුරු චමත්කාරයක් එක්කරන එම උද්‍යානය සංචාරකයන්ගේ ආකර්ශනීය ස්ථානයකි.

10. සිනමා ශාලාව

දිගු වේලාවක් රැඳී සිටින සංචාරකයන්ට සිත්සේ විනෝදවිය හැකි ලෙස සකස් කළ සිනමා ශාලවද චංගි ගුවන්තොටුපළ සතු වැදගත් ස්ථානයකි.

11. සූරියකාන්ත උද්‍යානය

සූරියකාන්ත මල්වලින් ගැවසීගත් හිරුඑළිය වැටෙන විසිතුරු උද්‍යානය තවත් ආකර්ශනීය බවනක් ගුවන්තොටුපළට එක්කර ඇත.

12. විනෝද ක්‍රීඩා කුටිය

වීඩියෝ ක්‍රීඩා ඇතුළත් ක්‍රීඩා මැදුර මගින් සිත්සේ ක්‍රීඩාවේ යෙදීමට ඉඩකඩ සලසා ඇත.

13. රේසිං ක්‍රීඩා කුටිය

සජීවීව රේස් ක්‍රීඩා සමග එකතුවී අත්දැකීම් ලබාගත හැකි රේසිං ක්‍රීඩා ඇතුළත් කුටිය මගින්ද සංචාරක ආකර්ශනය නොමදව දිනා ගැනීමට චංගි ගුවන්තොටුපළට හැකිවී ඇත.

14. සුඛෝපබෝගී නිදන කුටිය

සුවපහසු ඉහළ පහළ යන දිගු පුටුවක් මත දිගාවී කෙටි නින්දක් ලබාගැනීමට සංචාරකයන්ට එහි අවස්ථාව සලසා දී ඇත.

15. කෝයි පොකුණ

අලංකාර මල් විසිතුරු පැලවලින් සැදි පොකුණේ දිය කෙළියේ යෙදීමටද සංචාරකයන්ට අවස්ථාව උදාකරදී තිබේ.

16. චලනය වන වැසි බිංදුවලට ප්‍රතිබිම්බ

කෘතිම වැසි ආකාරයට සකස් කළ දිය බිඳු වැටීමට සලස්වා එහි ආශ්වාදය විඳගැනීමට චැංගි ගුවන්තොටට පැමිණෙන පිරිසට අවස්ථාව හිමිවේ.

17. සිතුවම් නිර්මාණය

තමාට රිසි පරිදි චිත්‍ර ඇඳීමට අවස්ථාව සලසා දින් ඉන් එහි චමත්කාරජනක පරිසරයේ අසිරිය චිත්‍රයට නැගීමට හෝ සිංගප්පූරුවේ කලා නිර්මාණවල රසය විඳගැනීමට සංචාරකයන්ට ඉඩකඩ සලසා දී ඇත.

18. මෝහනීය විසිතුරු උයන

ඉතා අලංකාර විසිතුරු උයන තුළ ජීවිතයේ සොඳුරු මතක සටහන් තැබීමට සංචාරකයින්ට චංගි ගුවන්තොටුපළ අවකාශ සලසා ඇත. පරිසරයේ සංවේදී හඬ සමග මුසු කළ අතිශයින්ම ආශ්වාදජනක විසිතුරු පරිසරයක් එම උයනේ නිර්මාණය කර ඇත.

19. සිංගප්පූරු සවාරිය

පැය 5කට වැඩි කාලයක් ගුවන්තොටුපළේ රැඳී සිටින මගීන්ට පැය දෙකක කාලයක් සිංගප්පූරුවේ අභ්‍යන්තර චාරිකාවක් නොමිලේ ලබාදීමට ගුවන්තොටුපළ බලධාරීන් කටයුතු කරයි. ගංඟා මැදින් ගං ඉවුරු අද්දර පැය දෙකක කාලයක් ගමන් කරමින් නගර සවාරියේ යෙදීමට හැකියාව ලැබේ.

20. සුව පහසු අසුනයි ඉමිහිරි සංගීතයයි

සුඛෝපබෝගී ආසනයක සැහැල්ලුවෙන් ඉඳගෙන ඉතා මිහිරි සංගීතය රසවිඳීමේ අවස්ථාවද චංගි ගුවන්තොටුපළට පැමිණෙන සංචාරකයින්ට හිමිවේ.

මේ ආකාරයේ සුවිශේෂතා 20ක් ඇතුළුව ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස පිදුම් ලැබූ චංගි ගුවන්තොටුපළෙහි අසිරිය එහි එන සංචාරකයින්ට අමතක නොවන අත්දැකීමක් එක්කරයි.

a6f2293bc27d42f587b3a956372b42dfstory-pic experience_zone_63573942320151129432371710 pic2_63573941978351201511296861 pic4_63573942064272015112962777 pic5_63573942086432015112984937 pic7_63573942130241201511298736 pic8_63573942153607220151129099 pic9_635739421812015112918 pic10_635739422020151129498 pic15_635739420151129527 pic16_6357394241972015112973 pic18_63573942420151129767245184 pic20_63573942515902015112924358 snooze-lounge_63573201511297 sunflowergarden_6201511292340932577 the_slide_63201511294221



අදහස් (0)

සංචාරකයින් පිනවන ලොව හොඳම ගුවන්තොටුපළ

නයන Monday, 30 November 2015 04:50 AM

අයියෝ අපරාදේ මේවට වියදම් කරපු සල්ලි, මේවා හදපු එවුන් එෆ්.සි.අය්.ඩි. එකට වහාම කැදවිය යුතුයි (බ)

:       0       0

අදිකාරම් Tuesday, 01 December 2015 06:11 AM

ලංකාවත් කවදාහරි මේ වගේ කරනවා අපේ රටේ නායකයෝ (නි)

:       0       0

නුවන් Monday, 30 November 2015 01:25 PM

අපිට කවදා මේ තැනට යන්න පුලුවන් වෙයිද? (නි)

:       0       0

අශෝක ‍ Monday, 30 November 2015 01:29 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

නොයෙල් පෙරේරා Sunday, 29 November 2015 11:08 AM

ඔළුවේ කැක්කුමටත් සිංගප්පූරු දුවන අපේ දේශපාලකයින්ට හොඳ ආරංචියක් (බ)

:       0       0

රාජු Monday, 30 November 2015 06:41 PM

සිංගප්පූරුව යනු මිනිසා විසින් නිර්මාණය කළ සුන්දර රටකි. ශ්‍රී ලංකාව යනු ස්වභාවිකවම ලස්සන දිවයිනකි (නි)

:       0       0

මොහාන් Sunday, 29 November 2015 02:20 PM

ඒකට අපේ රටේ? හදන්න හැදුවමත් ගළවා දානවා. (නි)

:       0       0

විකි Monday, 30 November 2015 08:42 AM

මමත් කැමතිම ගුවන් තොටුපළ. ආරක්ෂාව , පිරිසිඳුකම ,ක්‍රමවත්කම ,අතින් අන්තිම ඉහළයි. මේ කියපු දේවල් බොහොමයක් මම අත්විදලා තියෙනවා.ලංකාවට මේ තත්ත්වයට එන්න ගොඩක් කල් යයි (ම)

:       0       0

චමල් Tuesday, 01 December 2015 09:39 AM

සිංගප්පූරුවේ සිට ලංකාවට එන සෑම අවස්ථාවකම පුදුම කළකිරීමක් දැනෙනවා අපි තවම කොතනද ඉන්නෙ කියලා (නි)

:       0       0

සුනිල් Sunday, 29 November 2015 02:55 PM

ලස්සන වැඩක්. රටට හොඳ ආදායමක් ලබාගන්න පුළුවන් (නි)

:       0       0

සමනලී Monday, 30 November 2015 11:21 PM

තවත් දේවල් තිබෙනවා මේ පළාතේ... (නි)

:       0       0

සුමිත් Monday, 30 November 2015 09:09 AM

මමත් මේ ගුවන්තොටේ දී ලොකු අත්දැකිමක් වින්දා හරිම ලස්සන තැනක් හැම අතින්ම (ම)

:       0       0

කමල් Monday, 30 November 2015 09:14 AM

1970-1980-දශකයේ අපිට වඩා අාර්ථික අතින් පිටුපසින් සිටි සිංගප්පුරුව මෙි අකාරයෙන් දියුණු වුණේ නීතියට ගරු කරපු ඡාතියක් නිසා (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 03 December 2015 04:34 AM

අපේ මිනිසුන්ට ඕනේ කාගෙහරි කමක් නැහැ බෙල්ල මිරිකල හරි සල්ලි හොයන්න දියුණුකිරීම කෙසේ වෙතත්. (බ)

:       0       0

කමල් Sunday, 29 November 2015 04:06 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

යහම්පත් Sunday, 29 November 2015 06:26 PM

මා කිහිප වරක් පසුගිය වසරවල සිංගප්පුරුවේ සංචාරය කළ නිසා මේ කියා ඇති දේවල් සත්‍ය බව දනිමි. එමෙන්ම සිංගප්පුරු ජාතකයන් අවංක හොරබොරු නැති, සංචාරකයන්ට හිතැති උදව් කරනා ජාතියකි. අපේ රට ලංකාව කවදා මෙසේ වේද කියා සිතීම අපහසුය (නි)

:       0       0

කමල් Sunday, 29 November 2015 08:22 PM

ෂා නියමයි! (නි)

:       0       0

තිළිණ Tuesday, 01 December 2015 04:20 AM

මොනතරම් වාසනාවන්තද මේ රටේ මිනිස්සු? (නි)

:       0       0

සමන්ත Monday, 30 November 2015 11:24 AM

අපේ රටෙත් මෙවැනි ගුවන් තොටුපලක් හදමු. (ර)

:       0       0

අමාලි Monday, 30 November 2015 11:31 AM

හරිම ලස්සනයි. (ර)

:       0       0

ජයතිලක Monday, 30 November 2015 04:07 AM

මේ ගුවන්තොටුපොළේ මමත් පැය 2ක් හිටිය ඇත්තටම පුදුම හිතෙනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site