'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, ඉන්දියාවේ සාංචි නුවර මහ රෝහලේ කටයුතු අඩපණ වී ඇති බවත්, රෝහලට පැමිණෙන රෝගීන්ගේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීමට උයන්පල්ලකු යොදවා ඇති බවත් ඉන්දියාවේ එන්.ඩී.ටී. පුවත් සේවය වාර්තා කරයි.
බෞද්ධ පුද බිමක් ලෙස සැලකෙන සාංචි අයත් වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයටය. මේ වනවිට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ද කොරෝනා ආසාදිතයන් වැඩි වීමට පටන් ගෙන තිබේ. ගතවුණු පැය 24 ඇතුළත මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වු ආසාදිතයන් ගණන 6,489 කි.
කොරෝනා මරණ ද ඉහළ යමින් පවතින බවත්, නිවෙස්වල සහ රෝහල් ඉදිරිපිට සිදුවන මරණ කොරෝනා මරණ ලෙස ගණන් නොගැනෙන බව ද මාධ්‍ය වාර්තා පවසයි.
'මා රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් නොවෙයි. නගරසභාවේ උයන්පල්ලෙක්. ඒත් රෝහලේ හැමෝටම වගේ කොරෝනා ආසාදනය වෙලා. ඒකයි මට සාම්පල ගන්න සිදුවුනේ' යැයි හල්කේ රාම් නමැති එම උයන් පල්ලා මාධ්‍ය හමුවේ පවසා ඇත.
ප්‍රදේශය භාර වෛද්‍ය නිලධාරී රාජ්ෂීරී ටිඩ්කේ කියා සිටියේ වෙන කිසිවකු නොමැති බැවින්, තාවකාලිකව හල්කේ රාම් පී.සි.ආර්. සාම්පල ලබා ගැනිමට යොදවා ඇති බවත්, ඒ සදහා මනා පුහුණුවක් ලබා දී ඇති බවත් වෛද්‍ය නිලධාරී රාජ්ෂීරී ටිඩ්කේ මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රභූරාම් චෞද්‍රි නියෝජනය කරන්නේ සාංචි ය. සෞඛ්‍ය ඇමැතිවරයා මේ වනවිට අතුරු මැතිවරණයට සූදානම් වෙයි. එහෙයින්, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සෞඛ්‍ය කටයුතු ගැන සොයා බැලීමට හෝ කොරෝනා ව්‍යාප්තිය ගැන සොයා බැලීමට හෝ ඔහුට කාලයක් නොමැති බව ඉන්දීය මාධ්‍ය චෝදනා කරයි.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාංචි රෝහලේ පී.සී.ආර්. කරන්නේ උයන්පල්ලෙක්