
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් වෙනිසියුලා විපක්ෂ නායිකාව ලෙස පිළිගන්නා මරියා කොරිනා මචාඩෝ මාස ගණනකට පසු ප්‍රසිද්ධියේ පෙනී සිටියාය. ඒ, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදීය.
ඔස්ලෝ අගනුවර ග්‍රෑන්ඩ් හෝටලයේ සිටි ඇය පිළිගැනීමට ඇගේ ආධාරකරුවන් සහ මාධ්‍යවේදීන් ද පැමිණ සිටි බව වාර්තා වේ. සැඟවී ජීවත් වුණු මචාඩෝ, මෙසේ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පසුගිය ජනවාරි මාසයෙන් පසුවය.
මචාඩෝ, වෙනිසියුලා ජනාධිපති මදුරෝගේ සහ රජයේ උදහසට ලක් වී සිටී. ඇයට දේශද්‍රෝහී චෝදනා එල්ල වී තිබේ. වෙනිසියුලා රජය ඇයට විදෙස් සංචාර තහනම් කර ඇත. ආධාරකරුවන්ගේ සහාය ඇතිව මචාඩෝ, රහසේ වෙනිසියුලාවෙන් පිටවී, නෝර්වේ බලා පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම 2025 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ද මචාඩෝ ය. නොබෙල් සාම ත්‍යාග ප්‍රදානය පසුගිය 10 වැනිදා ඔස්ලෝ නගරසභා ශාලාවේ දී පැවැතිණි.
එම සම්භාව්‍ය උත්සවයේ දී සාම ත්‍යාගයට අදාල පදක්කම සහ සහතික පත්‍රය ලබා ගැනීමට මචාඩෝ නොගිය අතර, ඇය වෙනුවට ඇගේ දියණිය ඇනා කොරිනා සෝසා පදක්කම සහ සහතික පත්‍රය ලබා ගත්තාය.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැඟවී සිටි වෙනිසියුලා විපක්ෂ නායිකාව එළියට