දුම්පානය කිරිම ජාන විකෘතී වීමට බලපාන බවට විද්‍යාඥයින් පිරිසක් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.දිනකට දුම්වැටි 20 ක් පානය කරන අයෙකුගේ ජාන විකෘතීන් 150ක් පමණ සිදුවෙන බව ඉන් හෙළිවිය.

පානය කරන දුම්වැටි ගණන හා සිදුවන ජාන විකෘතියන් අතර සෘජු සම්බන්ධයක් ඇති බවද සොයාගැනිණි.

එම ජාන විකෘතීන් ස්ථීර ලෙසම පිහිටන බවත් දුම්පානය නතර කළද ජාන විකෘතීන් සුව නොවන බවත් විද්‍යාඥයෝ පැවසූහ.

මෙම පරීක්ෂණ වාර්තා ඇසුරෙන් පිළිකා සෛල නිරීක්ෂණය කර පිළිකා ඇති වීමට සැබෑ හේතු සෙවීමටද  හැකි වනු ඇතැයි ද ඔවුහු පවසති.

මෙම පරීක්ෂණයට සහභාගී වූ කාන්තාවක(69) පැවසුයේ තමන් දුම්පානය නැවත්වූවද ඊට වසර 15කට පසුව තමාට පිළිකාවක් වැළඳුන බවයි.

“මම අවුරුදු 17 දී දුම්පානයට ඇබ්බැහි වුනා.ඒ කාලේ දැනගෙන හිටියනම් මෙහෙම වෙනවා කියලා මම කවදාවත් දුම්පානය කරන්නේ  නැහැ“යැයි ඇය කීවාය.

මෙම පරීක්ෂණය අන්තර්ජාතික කණ්ඩායමක් විසින් සිදු කැරිණි.