ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සාගර පතුල දූෂණය වීම සහ එය පරිසර පද්ධතියට ඇති කරන බලපෑම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජපානය පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇති බව වාර්තා වේ.  

එම පර්යේෂණය ජපාන ජාතික පර්යේෂණ ආයතනය මගින් මෙහෙය වන අතර ලබන 28 වැනිදා සිට සති 3 ක් පුරා එය ක්‍රියාත්මක වේ. 

සගමි බොක්ක, දකුණු ටෝකියෝව, බොසෝ අර්ධ ද්වීපය හා නැගෙනහිර ටෝකියෝ ප්‍රදේශ ආශ්‍රිත ගැඹුරු මුහුදේ මෙම පරියේෂණය සිදුකරයි. 

මීටර් 1200 ත් 9200 ත් අතර සාගර ගැඹුරේ අවසාදිතව පවතින ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය මෙහිදී පර්යේෂකයෝ ගණනය කරති. 

-226-