සිංගප්පූරුවේදීය (ඒ.එෆ්.පී)
සිංගප්පූරුවේ පළමු ජනාධිපතිනිය ලෙස හලීමා යාකෝබ් අද (13) තෝරා පත් කරගන්නා ලදි.
එය සිංගප්පූරු ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකුණු ද ඇය ජනාධිපතිනිය ලෙස තෝරා පත් කරගැනීම ප්‍රජාතන්ත්‍රවාදී නැතැයි චෝදනා එල්ල වී තිබේ.
සුළුතර මුස්ලිම් මැලේ ප්‍රජාව නියෝජනය කරන හලීමා යාකෝබ් හිටපු කතානායිකව ද වන්නීය. මැතිවරණයකින් නොපවත්වා ඇය ජනාධිපතිධුරය සඳහා තෝරා පත් කර ගනු ලැබිණි.
සිංගප්පූරුවේ ජනාධිපතිධුරය නාමික ජනාධිපතිධුරයකි. විපක්ෂයෙන් ද ජනාධිපතිධුරය සඳහා නමක් යෝජනා කර තිබූ අතර විපක්ෂ අපේක්ෂකයා අදාළ සුදුසුකම් සපුරා නොතිබිණි.
මැතිවරණ අවශ්‍ය නැති තැනට පත් කරමින් විපක්ෂ ජනාධිපතිධුර අපේක්ෂකයන් නුසුදුස්සන් බවට පත් කරමින් එකම පක්ෂයක් දශක ගණනාවක් තිස්සේ සිංගප්පූරුවේ පාලනය හොබවයි.
කෙසේ නමුත් එක්තරා ජාතියක් නියෝජනය කරන අයකුට ජනාධිපතිධුරය දුන් පළමු අවස්ථාව මෙය විය.
මෙවර ඒ අනුව මැලේ ජාතික ප්‍රජාව නියෝජනය කරන හලීමා යාකෝබ් ජනාධිපතිධුරයට පත්විය. මැතිවරණයකින් තොරව ඇයට ජනාධිපතිධුරය ලබාදීම ඇතැම් පාර්ශවවල කෝපයට හේතු වී තිබේ.
(055)

2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිංගප්පුරුවට ප්‍රථම වරට ජනපතිවරියක්