IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සිංගප්පූරුවේ සියයට 80 කට එන්නත් ලැබිලා

සිංගප්පූරුවේ ජනගහනයෙන් සියයට 80 කට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත මාත්‍රා දෙකම ලබා දී අවසන් බවත්, ලොව වැඩිම පිරිසක් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කර ඇත්තේ සිංගප්පූරුව බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. සිංගප්පූරුවේ ජනගහනය මිලියන 5.7 කි.

සිංගප්පූරුවේ ජනගහනයෙන් සියයට 80 කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන්. ඒ නිසා ඉදිරියේ දී පනවා ඇති තහංචි තව දුරටත් ලිහිල් කිරීමක් සිදුවේවි. එසේ කරන්නේ ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කරාවි විශ්වාසයෙන්' යැයි සිංගප්පූරු සෞඛ්‍ය ඇමැති ඔංග් යේ කුංග් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මේ වනවිට රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දී ඇති සෙසු රටවල් වන්නේ එක්සත් අරාබි එමිරේට්ස්, උරුගුවේ සහ චිලී රාජ්‍යයයි.

සිංගප්පූරුව ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ පසුගිය ජනවාරියේය. සිංගප්පූරු වැසියන්ට ප්‍රධාන වශයෙන් ලබා දේනනේ 'ෆයිසර්' සහ 'මොඩර්නා' යන එන්නත්ය.

පසුගිය 28 වැනිදා වනවිට සිංගප්පූරුවෙන් නව ආසාදිතයන් 113 දෙනකු වාර්තා විය. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 67,171 ක් තෙක් ඉහළ ගියේය. සිංගප්පූරුවෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 55 කි.

(රොයිටර්)



අදහස් (0)

සිංගප්පූරුවේ සියයට 80 කට එන්නත් ලැබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 669 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site