සිංගප්පූරු ගුවන්සේවයට අයත් යානයක් චැංගි ගුවන්තොටුපළේ හදිසි ගොඩබෑමක් සිදුකරද්දී ගිනි ගැනීමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
චැංගි සිට මිලාන් දක්වා ගමන් කිරීමට ගුවන්ගත කළ යානයේ එන්ජින් තෙල් සම්බන්ධ අනතුරු සංඥාවක් නිකුත් කර ඇති බවත් ඒ සමගම යානය යළි චැංගි ගුවන්තොටුපළට පැමිණ ඇති බවත් කියති.
මගීන් 222 ක් හා කාර්ය මණ්ඩලයේ 19ක් රැගත් යානයේ සිටි කිසිවකුට අනතුරින් හානියක්වී නැතැයි ද නමුත් එක් මගියකු එය මරණාසන්න අත්දැකීමක් බව විස්තර කර ඇතැයි ද කියති.
යානය යළි චැංගි ගුවන්තොටුපළට ගොඩබාන අවස්ථාවේම එහි එන්ජිමේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් නොවුණ එක ලොකු දෙයක් (නි)