
සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය කළේය.
ආර්ථික විශේෂඥයෙකු මෙන්ම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කරමින් සිටි 52 හැවිරිදි ලොරෙන්ස් වොංග්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. ඒ, 2024 මැයි 15 වැනිදාය.
ඒ අනුව මෙය අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් ගේ පළමු මැතිවරණයද වෙයි.
අග්නි දිග ආසියාවට අයත් සිංගප්පූරුව හැඳින්වෙන්නේ සිංගප්පූරු ජනරජය යන නමිනි. සිංගප්පූරුව දුපත් 63 කින් සමන්විත වෙයි.
1959 වසරේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට පැවැත්වෙන 14 වැනි මහ මැතිවරණය මෙය වනු ඇත. 1959 වසරෙන් පසු දිගටම බලයේ සිටින්නේ ජනතා ක්‍රියාකාරී පක්ෂයයි. එලැඹෙන මැතිවරණයෙන් ද ජනතා ක්‍රියාකාරී පක්ෂය බලයට පත්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වෙයි.
ඉහළ යන ජීවන වියදම, නිවාස අවශ්‍යතා, රැකියා සහ වයස්ගත වන ජනගහනයක් හමුවේ වැඩිවන සෞඛ්‍ය සේවා ඉල්ලුම ආදිය මෙවර මහ මැතිවරණයේ දී කාගේත් අවධානය දිනා ගන්නා මාතෘකා වනු ඇත.
සිංගප්පූරුවේ රාජ්‍ය නායකයා ජනාධිපති වන අතර, රජයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයාය. අග්‍රාමාත්‍යවරයා විසින් කැඉිනට් මණ්ඩලය පත් කෙරේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න අපේ ලොක්කන්ට පොඩි කේවල් පාරක් දාලා අරජුන් මහේන්ද්‍රන්ව ඉල්ලා ගන්න ලොකුම චාන්ස් ඒකක්... වැඩ්ඩෝ නම් චාන්ස් එක ගනියි..
සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරන්න අපිට බලය දෙන්න සිංගප්පූරු බයි පෙරමුණ...
NPP එකට මෙන්න හොඳ අවස්ථාවක්. සිංගප්පූරුවට ගිහින් දුර්වලම දේශපාලන කණ්ඩායමට බොරු කියලා මැතිවරණ දිනන හැටි කියලා දෙන්න. ඔවුන් ඔබට ඇහුම්කන් දුන්නොත්, ඔබේ උපදේශක සේවා හරහා ශ්‍රී ලංකා ආර්ථිකයේ අවශ්‍යතාවයන් සඳහා වසර 25 ක් සඳහා වටිනා විදේශ විනිමය උපයා ගැනීමට ඔබට හැකිවේවි... ලැබෙන ආදායම ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට භාවිතා කරන්න. එය ජයග්‍රාහී තත්වයක්. ඔවුන් ජයග්‍රාහකයින් - ඔබ ජයග්‍රාහකයින්.