කැලණිය විශ්ව විද්‍යාලයේ සංගීත අංශයේ හිටපු අංශාධිපති සහ ලංකා කලා සංගමයේ හිටපු සභාපතිවරයකු වූ ප්‍රවීණ සංගීත ශිල්පී සංගීත විශාරද එච්.ඩී.එස්.ජයසේකර මහතා ප්‍රංශයේ ත්රාස්බුහි දී පසුගිය 20 වැනි සෙනසුරාදා අභාවප්‍රප්ත විය.
සංගීත නිපුන් චම්පා කල්හාරි ජයසේකර ඔහුගේ දියණියයි. 1930 ඔක්තෝබර් උපත ලද ඔහු කොළඹ රජයේ කලායතනයෙන් සංගීතය හදාරා ඉන්දියාවේ ලක්නව්හි බාත්ඛන්ඩ සංගීත විද්‍යා පීඨයෙන් සංගීත විශාරද උපාධිය ලැබීය.
මුල් අවදියේදී හෝමාගම මධ්‍යම මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා වශයෙන්ද සේවය කර ඇති ජයසේකර මහතා ජාතික සංගීත විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල හා ශාස්ත්‍රීය ගායකයකු ලෙසද කටයුතු කර ඇත.
ඔහුගෙන් සංගීතය හැදැරූ සිසුහු බොහෝ ගණනක් ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රටවල ද සිටිති. ඔහුගේ භාර්යාව නන්දාවතී අතපත්තු මහත්මියයි. ජයසේකර යුවල කාලයක සිට ජිවත් වුයේ ප්‍රංශයේ ත්රාස්බුහි පදිංචි ඔවුන්ගේ පුතණුවන් වන අතුල ජයසේකර සහ ලේලිය වන සුරේෂි ජයතිලක සමඟය.
ජයසේකර මහතාගේ අවසන් කටයුතු පෙබරවාරි 25 වැනි දා උදේ 10 ට ප්‍රංශයේ ත්රාස්බු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. ආගමික කටයුතු පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යායේ ඤානිස්සාර හිමියන් ප්‍රධාන මහා සංඝ රත්නය විසින් සිදු කිරිමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංගීත විශාරද එච්.ඩී.එස්.ජයසේකර සමුගනී
නාලිකා Thursday, 25 February 2016 04:03 AM
ඔබ මා කුඩා කල මට බෙහෙවින් සෙනෙහස පෙන්වූ පවුලේ හිතවතෙක් විය.අප මවු බිම හරහා හමා ගිය අසංස්කෘතික ප්‍රවාහයන්ට හසුව අප දෙදෙනාම ලොව දෙපසකට ගසාගෙන ගියෝය. ඔබගේ සෙනෙහස මට අහිමිවිය .ඔබ මට දුන් උතුම් ශාස්ත්‍රීය දැනුමට, ආදර්ශයන්ට මම බොහෝ පින් දෙමි. ඔබට නිවන් සුව පියාණෙනි. (බ)
විජිත් Wednesday, 24 February 2016 09:39 AM
අපි කුඩාම කාලයේදී, ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් මෙතුමාගේ ගීත ප්‍රචාරය වුණා මට හොඳටම මතකයි. දහසක් සිසුන්ගේ නෙත් පෑදු ගුරු පියාණෙනි, ඔබතුමාට නිවන් සුව පතමි. (නි)
විශ්වනාත් ජයසේකර Wednesday, 24 February 2016 07:59 PM
ලංකාව පුරා ඔහු විසින් දහස් ගණනක් දක්ෂ සිසුන් බිහිකර ඇත. වරින් වර ශාස්ත්‍රීය සංගීතය වෙනුවෙන් තර්ක විතර්ක පවා කළ ඔහු හින්දුස්ථාන ශාස්ත්‍රීය සංගීතයට ඉතාමත් ආදරය කළ අයෙකි. ඔබතුමාට නිවන් සුව ලැබේවායි අපේ පැතුමයි. (නි)
ගාමිණී Wednesday, 24 February 2016 10:19 PM
ගුරු පියතුමනි, ඔබට නිවන් සුව! ඔබ වැනි ශ්‍රේෂ්ඨ ගුරුවරුන් නිසයි අද්විතීය ඝනයේ සංගීතඥයන් අපට උරුමවුණේ. මතු පරපුරට එවන් ගුරු පියවරු නොමැතිවීම අපට කණගාටුවකි. (නි)