IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය ආපදා ආරක්ෂක පද්ධති ශක්තිමත් කළ යුතුයි

‘කොවිඩ්-19’ වසංගතයටත් අනාගත සෞඛ්‍ය ආපදා සහ හදිසි තත්ත්වවලටත් මුහුණ දීම සඳහා සෞඛ්‍ය ආපදා ආරක්ෂක පද්ධති ශක්තිමත් කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු - නැගෙනහිර කලාපයේ සාමාජික රටවල 74 වැනි කලාපීය කමිටු රැස්වීම ඉකුත් දා පැවැත්විණි.

එහිදි මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන අතර දැනට පවත්වනා කොවිඩ්-19 වසංගතයටත් අනාගතයේ දී ඇති විය හැකි හදිසි සෞඛ්‍ය තත්ත්ව සහ සෞඛ්‍ය ආපදාවලට සාර්ථකව මුහුණ දීම සඳහා සෞඛ්‍ය ආපදා ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

දැනට පවතින ‘කොවිඩ්-19’ වසංගත තත්ත්වයෙන් පාඩම් ඉගෙන ගෙන අපගේ සෞඛ්‍ය ආරක්ෂක පද්ධති ශක්තිමත් කළ යුතු යැයි මෙහිදි අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු - නැගෙනහිර කලාපයේ ප්‍රධානී ආචාර්ය පූනම් කේත්‍රපාල් සිං පැවැසුවා ය.

“කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අපට බලාපොරොත්තු නොවුණු අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා. මේ තරම් විශාල ආපදා තත්ත්වයකට, හදිසි තත්ත්වයකට ලෝකයේ කිසිදු රටක් සූදානම් වෙලා හිටියේ නැහැ. එ් නිසා අපි මේ වසංගතයෙන් පාඩම් ඉගෙන ගැනීම ඉතාම වැදගත්. එ් වගේම ඒ පාඩම් අපේ සෞඛ්‍ය ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමට යොදාගැනීමත් ඉතා ම වැදගත්” යැයි ද ඇය කීවා ය.

“රටවල් මේ වනවිට තමන්ට තියෙන අවම ධාරිතා වයිරසය ව්‍යාප්ත වීම වළක්වන පියවර ගනිමින් ඉන්නවා. එ් වගේම ඒ අතරවාරයේ දී අපි අභියෝගවලට මුහුණ දෙමින් ඉන්නවා. අපේ සෞඛ්‍ය ආරක්ෂක පද්ධතිවල සහ එ් ආශ්‍රිත දේවල්වල තිබෙන අඩුපාඩු හඳුනාගන්න අවශ්‍ය යි. ඒවාට පියවර යොදන්න වුවමනා යි. ඒ වගේම ප්‍රශ්නවලට විසඳුම් සොයන්න අවශ්‍ය” යැයි ද ආචාර්ය සිං පැවැසුවා ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 2005 වසරේ නිකුත් කර තිබෙන සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව අවම ධාරිතා ශක්තිමත් කරමින් පවත්වාගෙන යා යුතු බවත් එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ජාතික ක්‍රියාකාරී සැලැසුම් සකස් කරමින් ඒවා ක්‍රියාත්මක කළ යුතු බවත් මේ සියල්ල සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමට අදාළ විය යුතු බවත් ඇය කීවා ය.

මෙහිදි සෞඛ්‍ය හදිසි තත්ත්ව සහ සෞඛ්‍ය ආපදාවලට මුහුණ දීමට සූදානම් වීම, ප්‍රතිචාර ධාරිතා වැඩි කිරීම, දැනට පවත්න වසංගතය පූර්ණ උපරිම ධාරිතාවයෙන් සහ හැකි උපරිමයෙන් ප්‍රතිචාර දැක්වීම, අනාගතයේ ඇතිවිය හැකි වසංගත සඳහා හොඳින් සූදානම් වීම, ආපදා සහ හදිසි තත්ත්වවලට සූදානම් වීම යනාදී කරුණුවලට ප්‍රමුඛත්වය දිය යුතු බවත් සාමාජික රටවල් මේ කරුණු සම්බන්ධයෙන් සහයෝගයෙන් වැඩ කළ යුතු බවත් ඇය තවදුරටත් සඳහන් කළා ය.

(රොයිටර්)



අදහස් (0)

සෞඛ්‍ය ආපදා ආරක්ෂක පද්ධති ශක්තිමත් කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site