
ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසිගේ සිරදඬුවම ක්‍රියාත්මක විය. ප්‍රංශ පුවත් සේවා වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරයා, පැරිසියේ පිහිටි ලෙ සැන්තේ බන්ධනාගාරයට යොමු කෙරුණු බවය.
සාර්කෝසි ප්‍රංශයේ ජනාධිපති ධුරය හෙබවූයේ 2007 සිට 2012 තෙක් කාලයේය. සාර්කෝසි සහ ලිබියාවේ හිටපු නායක මුවම්මාර් ගඩාෆි අතරේ සමීප මිත්‍රත්වයක් පැවැතිණි.
සාර්කෝසි ඔහුගේ මැතිවරණ කටයුතු සඳහා ගඩාෆිගෙන් නීතිවිරෝධී ආකාරයට මුදල් ගත් බවට චෝදනා එල්ල විය. එම චෝදනා සම්බන්ධයෙන් සාර්කෝසි වරදකරු වුණු අතර පසුගිය දා ඔහුට වසර 5 ක සිරදඩුවමක් නියම කෙරුණි.
ඊට එරෙහිව සාර්කෝසි අභියාචනාවක් ඉදිරිපත් කර ඇත. එසේ වුවත්, අධිකරණය නියම කර ඇත්තේ, අභියාචනා ක්‍රියාවලිය සිදුවන අතරතුරේ වුව ද සිරදඬුවම ක්‍රියාත්මක විය යුතු බවටය.
ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකුට සිරදඩුවමක් නියම වූ පළමු අවස්ථාව මෙන්ම, යුරෝපා රටක හිටපු රාජ්‍ය නායකයකුට සිරදඩුවමක් නියම වූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාකෝසිගේ සිරදඬුවම ඇරැඹේ