IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සක්වල යානා පෙළක් ජපාන අහසේ

ජපානයේ ඔසාකා නුවර අහසේ හඳුනා නොගත් පියාසර වස්තුන් රැසක් දැක්වෙන වීඩියෝ පටයක් අන්තර් ජාලයට එක්කර ඇත. එහි දැක්වෙන්නේ ගෝලාකාර වස්තු පෙළක් ඉහළ අහසේ වේගයෙන් එහෙත් රිද්මානුකුලව පියාසර කරන ආකාරයකි.

මෙම වීඩියෝව ප්‍රසිද්ධියට පත්වූ සැණින් ආකාශ වස්තුවේ, පිට සක්වල ජීවින් සහ යානා පිලිබඳ උනන්දුවක් දක්වන පිරිස් අතරේ මෙම සංසිද්ධිය පිළිබඳව ඉමහත් උනන්දුවක් සහ කැළඹීමක් ඇතිවූ බව වාර්තා වී ඇත.

මේ වන විට ජපානයේ විද්‍යුත් නාලිකාවක් මඟින් මෙම වීඩියෝව කිහිප වතාවක්ම විකාශනය කර ඇත. මේ පිළිබඳව විද්වතුන් අතරේ විවිධ මති මතාන්තරද සාකච්ජාවට භාජනය වී ඇත. 

මෙම යානා පසුගිය ජුනි මාසයේ ලන්ඩන් නුවර හයිඩ් පාර්ක් උද්‍යානයේ දිස්වූ ආකාරයේ ඒවා බව ද සමහරු පෙන්වා දෙති.

ලන්ඩන් නුවර මෙවැනි යානා එතරම් කාලයක් පෙනෙන්නට තිබී නැති අතර ඔසාකා නුවරදී ඒවා ඊට වඩා වැඩි වෙලාවක් ගුවන් තලයේ ගමන් ගමන් කරනු දැකගත හැකිවූ බවද මෙම වාර්තාවල දැක්වෙයි.

වෙනත් අය කියන්නේ මෙය දක්ෂ අන්දමට නිපදවා ඇති කොලොප්පමක් බවය. මෙම වීඩියෝව සහ ලන්ඩන් නුවර වීඩියෝවත් නිර්මාණය කරන්නට ඇත්තේ එකම පිරිසක් විය හැකි බවද ඔවුන්ගේ මතයයි.

පසුගිය ජුලි 15 වෙනිදා නාසා ආයතනයේ "සොහෝ" නිරීක්ෂණාගාරය මඟින් ගන්නා ලද සුර්යයාගේ ආසන්නයෙන් ගමන්කළ අති විශාල හඳුනා නොගත්  වස්තුවක් පිළිබඳව ඡායාරුප සහ විස්තර තොරතුරු ප්‍රචාරය වීමත් සමඟ අකාශ වස්තු පිළිබඳ විශේෂඥයින් අතර ද මෙවන් හඳුනා නොගත් යානා සහ වස්තූන්  පිළිබඳ කතා බහ සහ උනන්දුව වැඩිවී ඇති බවද වාර්තාවිය.

5



අදහස් (19)

සක්වල යානා පෙළක් ජපාන අහසේ

අතුල Monday, 03 August 2015 10:21 PM

මම නම් කියන්නේ මේවා පරිගණක ජිල්මාර්ට්. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 04 August 2015 05:06 AM

හරිහැටි නොදැන මේවා හරිද වැරදිද කියලා කියන්න මමනම් නොදනිමි! (බ)

:       0       0

නිරාන් Tuesday, 04 August 2015 05:19 AM

ගල් පැලෙන්න තර්ක ගෙනාවත් බුදු දහාම බොරු කළ නොහැකි මැවීම් සංකල්පය හමස් පෙට්ටියට (ම)

:       0       0

ඔෂාන් Thursday, 06 August 2015 05:25 PM

ඔත්තු බලන්න ආවද දන්නෙ නැහැ (නි)

:       0       0

රාජ් Tuesday, 04 August 2015 02:31 PM

මේකටත් දැන් මහින්ද මහත්තයාව අල්ලගනීද දන්නෙ නැහැ (නි)

:       0       0

කමල් Tuesday, 04 August 2015 06:06 AM

පුබුදු, ඒ කියල තියෙන්නේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක හා ප්‍රේත ලෝක ගැන. (බ)

:       0       0

ගුණතිලක Thursday, 06 August 2015 01:19 AM

මම පියාඹන පීරිසි තරයේ විශ්වාස කරමි.මන්ද මා හට එවැනි අත්දැකීමක් ඇත. සඳක් වැනි යමක් වේගයෙන් කඩාවැටෙනවා මම 2001 පමණ දුටුවෙමි. මා පමණක් නොව මගේ නවාතැනේ දෙදෙනෙකුම ඒ බව දුටුවෝය. (නි)

:       0       1

සිසිර Wednesday, 05 August 2015 01:14 PM

මේවා හඳුනානොගත් පියාසර වස්තුන් මිසක් පිටසක්වල ජීවින්ගේ යානා බව විශ්වාස කරන්න බැහැ. මේවා ඇමෙරිකාව වගේ රටවල් හදන රහස් ද්‍රෝන යානා විය හැක (නි)

:       0       0

රාසීම් Monday, 03 August 2015 11:00 AM

කොහෙන් ආවද මන්දා මේවා? (නි)

:       0       0

කසුන් Monday, 03 August 2015 04:44 PM

මේක මාර සිද්දියක්. (නදී)

:       0       0

ගුණවර්ධන Tuesday, 04 August 2015 04:29 PM

වෙනත් ලෝකවලින් එනවා නම් එන්නේ ලංකාවටම තමා මුලින්ම. ඒ මොකද? කුඩු ප්‍රවාහනයට හොඳම රට ලංකාව නිසා (නි)

:       0       0

තෙන්නකොන් Tuesday, 04 August 2015 03:51 AM

මේ ගෙන වීරවංස මොනවා කියාවිද. විදේශ කුමන්ත්‍රණ (ම)

:       0       0

විජේතුංග Monday, 03 August 2015 11:44 AM

ඇත්තටම මේක මොකක් වෙන්න ඇද්ද? (නි)

:       0       0

පුබුදු Tuesday, 04 August 2015 03:57 AM

බුදුදහමට අනුව නම් අපටත් වඩා දියුණු ජීවීන් ඉන්න වාසස්ථාන මේ අභ්‍යවකාශයේ තියෙන්න පුළුවන්. බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන්න අප ජීවත්වෙන තලයටත් එහා වැඩමකරලා තිබුනත්, මේක වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්. ඇත්තක් වෙන්නත් පුළුවන්. (නදී)

:       0       0

චරිත Monday, 03 August 2015 11:54 AM

ඉස්සර ඔය පිටසක්වල යානා එන්නේ ඇමරිකාව යටින් 'ගේමක්' දෙනකොට මිනිසුන්ගේ අවධානය වෙනස් කරන්න. දැන්නම් ඒවා වෙනස්වෙලා. ජපානෙත් මොකක්හරි ඇති. අපිත් උඩ බලාගෙන ඉඳලා යානා බලමු (නි)

:       0       0

මුදියන්සේ Tuesday, 04 August 2015 06:57 AM

මේ ගැන අපේ දේශපාලකයෝ මොනවා කියයිද දන්නේ නැහැ (නි)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 09:36 AM

හඳුනා නොගත් ආකාශ වස්තු-කුතුහලය නොනිමි කතා වස්තුවක් (ම)

:       0       0

නුවන් Tuesday, 04 August 2015 08:00 PM

නිරාන්, ඔබට වැටහෙන දේ ඇයි මේ ලෝකේ 2/3 කට වඩා ඉන්න මිනිසුන්ට නොතේරෙන්නේ? ඔබ ඉන්න ඕනෑ නාසා එකේ. අපරාදේ ගවේෂණ කරන්න යන සල්ලි නේද? (නි)

:       0       0

දමිත් Friday, 26 July 2019 05:05 PM

වෙනත් ලෝකවලින් ඒ අය අපේ ලෝකෙට එනවා. ඒ එන්නේ ඒ අයගේ ජීවය රැදී තියෙන්නේ මිනිසුන් ආධ්‍යාත්මික බලයෙන් විශ්වයට මුදාහරින විශ්ව ශක්තිය ලබා ගන්න. විශ්ව ශක්තිය විශ්වයට මුදාහරින තැන් කීපයක් පෘතුවියේ තියෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site