ජපානයේ ඔසාකා නුවර අහසේ හඳුනා නොගත් පියාසර වස්තුන් රැසක් දැක්වෙන වීඩියෝ පටයක් අන්තර් ජාලයට එක්කර ඇත. එහි දැක්වෙන්නේ ගෝලාකාර වස්තු පෙළක් ඉහළ අහසේ වේගයෙන් එහෙත් රිද්මානුකුලව පියාසර කරන ආකාරයකි.
මෙම වීඩියෝව ප්‍රසිද්ධියට පත්වූ සැණින් ආකාශ වස්තුවේ, පිට සක්වල ජීවින් සහ යානා පිලිබඳ උනන්දුවක් දක්වන පිරිස් අතරේ මෙම සංසිද්ධිය පිළිබඳව ඉමහත් උනන්දුවක් සහ කැළඹීමක් ඇතිවූ බව වාර්තා වී ඇත.
මේ වන විට ජපානයේ විද්‍යුත් නාලිකාවක් මඟින් මෙම වීඩියෝව කිහිප වතාවක්ම විකාශනය කර ඇත. මේ පිළිබඳව විද්වතුන් අතරේ විවිධ මති මතාන්තරද සාකච්ජාවට භාජනය වී ඇත.
මෙම යානා පසුගිය ජුනි මාසයේ ලන්ඩන් නුවර හයිඩ් පාර්ක් උද්‍යානයේ දිස්වූ ආකාරයේ ඒවා බව ද සමහරු පෙන්වා දෙති.
ලන්ඩන් නුවර මෙවැනි යානා එතරම් කාලයක් පෙනෙන්නට තිබී නැති අතර ඔසාකා නුවරදී ඒවා ඊට වඩා වැඩි වෙලාවක් ගුවන් තලයේ ගමන් ගමන් කරනු දැකගත හැකිවූ බවද මෙම වාර්තාවල දැක්වෙයි.
වෙනත් අය කියන්නේ මෙය දක්ෂ අන්දමට නිපදවා ඇති කොලොප්පමක් බවය. මෙම වීඩියෝව සහ ලන්ඩන් නුවර වීඩියෝවත් නිර්මාණය කරන්නට ඇත්තේ එකම පිරිසක් විය හැකි බවද ඔවුන්ගේ මතයයි.
පසුගිය ජුලි 15 වෙනිදා නාසා ආයතනයේ "සොහෝ" නිරීක්ෂණාගාරය මඟින් ගන්නා ලද සුර්යයාගේ ආසන්නයෙන් ගමන්කළ අති විශාල හඳුනා නොගත් වස්තුවක් පිළිබඳව ඡායාරුප සහ විස්තර තොරතුරු ප්‍රචාරය වීමත් සමඟ අකාශ වස්තු පිළිබඳ විශේෂඥයින් අතර ද මෙවන් හඳුනා නොගත් යානා සහ වස්තූන් පිළිබඳ කතා බහ සහ උනන්දුව වැඩිවී ඇති බවද වාර්තාවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ මේවා පරිගණක ජිල්මාර්ට්. (නි)
හරිහැටි නොදැන මේවා හරිද වැරදිද කියලා කියන්න මමනම් නොදනිමි! (බ)
ගල් පැලෙන්න තර්ක ගෙනාවත් බුදු දහාම බොරු කළ නොහැකි මැවීම් සංකල්පය හමස් පෙට්ටියට (ම)
ඔත්තු බලන්න ආවද දන්නෙ නැහැ (නි)
මේකටත් දැන් මහින්ද මහත්තයාව අල්ලගනීද දන්නෙ නැහැ (නි)
පුබුදු, ඒ කියල තියෙන්නේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක හා ප්‍රේත ලෝක ගැන. (බ)
මම පියාඹන පීරිසි තරයේ විශ්වාස කරමි.මන්ද මා හට එවැනි අත්දැකීමක් ඇත. සඳක් වැනි යමක් වේගයෙන් කඩාවැටෙනවා මම 2001 පමණ දුටුවෙමි. මා පමණක් නොව මගේ නවාතැනේ දෙදෙනෙකුම ඒ බව දුටුවෝය. (නි)
මේවා හඳුනානොගත් පියාසර වස්තුන් මිසක් පිටසක්වල ජීවින්ගේ යානා බව විශ්වාස කරන්න බැහැ. මේවා ඇමෙරිකාව වගේ රටවල් හදන රහස් ද්‍රෝන යානා විය හැක (නි)
කොහෙන් ආවද මන්දා මේවා? (නි)
මේක මාර සිද්දියක්. (නදී)
වෙනත් ලෝකවලින් එනවා නම් එන්නේ ලංකාවටම තමා මුලින්ම. ඒ මොකද? කුඩු ප්‍රවාහනයට හොඳම රට ලංකාව නිසා (නි)
මේ ගෙන වීරවංස මොනවා කියාවිද. විදේශ කුමන්ත්‍රණ (ම)
ඇත්තටම මේක මොකක් වෙන්න ඇද්ද? (නි)
බුදුදහමට අනුව නම් අපටත් වඩා දියුණු ජීවීන් ඉන්න වාසස්ථාන මේ අභ්‍යවකාශයේ තියෙන්න පුළුවන්. බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන්න අප ජීවත්වෙන තලයටත් එහා වැඩමකරලා තිබුනත්, මේක වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්. ඇත්තක් වෙන්නත් පුළුවන්. (නදී)
ඉස්සර ඔය පිටසක්වල යානා එන්නේ ඇමරිකාව යටින් 'ගේමක්' දෙනකොට මිනිසුන්ගේ අවධානය වෙනස් කරන්න. දැන්නම් ඒවා වෙනස්වෙලා. ජපානෙත් මොකක්හරි ඇති. අපිත් උඩ බලාගෙන ඉඳලා යානා බලමු (නි)
මේ ගැන අපේ දේශපාලකයෝ මොනවා කියයිද දන්නේ නැහැ (නි)
හඳුනා නොගත් ආකාශ වස්තු-කුතුහලය නොනිමි කතා වස්තුවක් (ම)
නිරාන්, ඔබට වැටහෙන දේ ඇයි මේ ලෝකේ 2/3 කට වඩා ඉන්න මිනිසුන්ට නොතේරෙන්නේ? ඔබ ඉන්න ඕනෑ නාසා එකේ. අපරාදේ ගවේෂණ කරන්න යන සල්ලි නේද? (නි)
වෙනත් ලෝකවලින් ඒ අය අපේ ලෝකෙට එනවා. ඒ එන්නේ ඒ අයගේ ජීවය රැදී තියෙන්නේ මිනිසුන් ආධ්‍යාත්මික බලයෙන් විශ්වයට මුදාහරින විශ්ව ශක්තිය ලබා ගන්න. විශ්ව ශක්තිය විශ්වයට මුදාහරින තැන් කීපයක් පෘතුවියේ තියෙනවා...