සංක්‍රමණිකයන් 562ක් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේ ගිලෙමින් තිබියදී බේරාගත් බව විදෙස් පුවත් සේවා පවසයි. එහි සිටි පස් දෙනෙක් මිය ගොස් ඇත.

යුද ගැටුම් පවතින රටවල සිට යුරෝපාකරයට සංක්‍රමණය වෙමින් සිටි පිරිසක් රැගත් එම යාත්‍රාව ඉතාලි නාවික හමුදාව විසින් බේරාගෙන ඇතැයි කියති.

එරට වාර්තා සඳහන් කරන අයුරින් එම යාත්‍රාව යළි හැරවීමට ගිය අවස්ථාවේ එක් පසෙකට ඇලවීම හේතුවෙන් සංක්‍රමණිකයන් මුහුදට වැටී ඇත.

6000කට ආසන්න සංක්‍රමණික පිරිස් මේ දිනවල යුරෝපයට පැමිණෙමින් සිටින බව කියති.