තුර්කියේ සිට යුරෝපා රටවලට ගමන් කරමින් තිබූ සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට පත්වී 33 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මීට මාස කිහිපයකට පෙර සිරියා සංක්‍රමණික යාත්‍රාවක සිටියදී තුර්කි වෙරළට ගොඩ ගසා තිබූ දරුවකුගේ මළ සිරුරක් ලොව පුරා කථා බහට ලක්වූ අතර මෙම අනතුරට ලක්වූ යාත්‍රාවේ කුඩා දරුවකුගේ මළ සිරුරක් එවැනිම ආකාරයෙන් තුර්කි වෙරළට ගොඩ ගසා තිබිණි.

අනතුරට පත්වූ යාත්‍රාවේ සිටි පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

125125_Turky-2016131Child2 125125_Turky2016131-Child3 125125_Turky2016131-Child4