IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 79 ක් මරුට

දකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ, අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වී ගිලී යෑමෙන් 79 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 100 කට වැඩි පිරිසක් මුහුදේ ගිලී අතුරුදන් බව ග්‍රීක වෙරළාරක්ෂකයෝ කියති.

අනතුරට ලක් වෙද්දී, බෝට්ටුවේ 750 කට ආසන්න පිරිසක් සිටි බව පැවැසෙයි. අනතුර ගැන දැනගත් සැණින් ග්‍රීක වෙරළාරක්ෂකයන් මෙන්ම නාවික හමුදාව අනතුර සිදුවුණු ස්ථානයට ගිය බවත් ඔවුන් තවත් 104 දෙනකු බේරා ගත් බවත් පැවැසෙයි.

බේරාගත් සහ මියගිය අතරේ ඊජිප්තු, සිරියා, පාකිස්තාන, ඇෆ්ගන් සහ පලස්තීන වැසියන් සිටින බව ද ග්‍රීක වෙරළාරක්ෂකයෝ වැඩිදුරටත් කියා සිටිති.

ග්‍රීසියට ආසන්න මුහුදේ සිදුවුණු දරුණුතම සංක්‍රමණික බෝට්ටු අනතුර මෙය යැයි ද ග්‍රීක වෙරළාරක්ෂක ප්‍රකාශක නිකෝස් අලෙක්සියු මාධ්‍ය හමුවේ පවසා තිබේ.

බෝට්ටු අනතුර හේතුවෙන් ග්‍රීක රජය සොව පළ කර ඇති බවත් තෙදින ශෝක කාලයක් ප්‍රකාශට පත් කර ඇති බවත් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.



අදහස් (0)

සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 79 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site