සංක්‍රමණික පුද්ගලයන් සියගණනක් රැගෙන යාත්‍රාකරමින් තිබූ නැවක් ග්‍රීක දිවයිනක් වූ කොර්ෆු අසළ දී අවිගත් පුද්ගලයන්ගේ ග්‍රහණයට නතුව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මේ බව දැනුම් දී ඇත්තේ මාලදිවයින් ධජය යටතේ යාත්‍රා කරණ බ්ලූ ස්කයි එම් නැමැති නෞකාවෙන් බව ග්‍රීක බලධාරින් පවසයි. මේ පණිවිඩයෙන් වැඩි විස්තරයක් ලබා නොදුන් බව ද පැවසේ. මේ යාත්‍රාව ගැන සොයා බැලීමට ග්‍රීක වෙරළාරක්ෂක නෞකාවක් හා හෙලිකොප්ටර් යානයක් යොදා ඇත.
ග්‍රීක නාවික අමාත්‍යාංශය පවසන්නේ සැකකටයුතු සංක්‍රමණිකයන් රැගෙන යන යාත්‍රාව කොර්ෆු දිවයිනට නුදුරින් යාත්‍රා කරමින් තිබෙන බවයි.
එරට මාධ්‍ය පවසන්නේ නෞකාවේ පුද්ගලයන් 700 ක් පමණ සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd