ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ව්‍යාජ ප්‍රචාර සිදු නොකරන ලෙස ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඉල්ලා සිටියි.
එවැනි ව්‍යාජ සටහන් හඳුනාගෙන ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කැරෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඇමරිකා ජනපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සඳහා ෆේස්බුක්හි ව්‍යාජ ප්‍රචාර උපකාරී වූ බවට හිලරි ක්ලින්ටන් ඇතුළු පිරිසක් චෝදනා කැර තිබිණි. නමුත් සකර්බර්ග් එය සුරංගනා කථාවක් ලෙස බැහැර කළේය.
නමුත් දිගින් දිගටම කළ එවැනි චෝදනා හමුවේ ෆේස්බුක් වෙබ් අඩවියේ ව්‍යාජ සටහන් සොයාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් කියා ඇත්තේ ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරණය වන තොරතුරුවලින් සියයට 99ක්ම සත්‍ය හා නිවැරදි ඒවා ලෙස තමා විශ්වාස කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිලරිට නටන්න බැරි වුනාම තමා පොලවේ ඇදේ දැක්කේ. දැන් කී දෙනෙක්ට වරද පැටෙව්වද? එයාවත් දන්නවද? (බ)
මාර්ක්, මහත්තයෝ, ඔබ තුමා දන්නවද මේ දවස්වල අපේ රටේ ඔබේ ඔය ෆේස්බුක් හරහාම පුස්සෝ ටිකක් වීරයෝ වෙන්න දඟලනවා. ඒවා මොනවද, නාකි ඇන්ටිලා ෆේස්බුක් එක හරහා ගේම ඉල්ලලා කියන ශුද්ධ සිංහල ඇහුවාම අපේ මේ උතුම් භාෂාව මොනතරම් නම්, සදාචාර සම්පන්නව අපේ අය භාවිත කරන බව පේනවා. ඒ නිසා මොන නීති දැම්මත් කමක් නැහැ, මේ අපේ නුතන වීරයින්, හා වීර වරියන්ව අපෙන් ඈත් කරන්න නම් හදන්න එපා. (බ)
ඇමෙරිකාවේ එහෙම වුණත් සකලසිරින් පිරි ලංකාවේ එහෙම නැහැ. (නි)