IMG-LOGO

සකර්බර්ගේ ධනය අඩුවෙලා

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඇතුළු ඊට අයත් සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් පැය හයක කාලයට බිඳ වැටීම හේතුවෙන් ෆේස්බුක් සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ගේ පෞද්ගලික ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 6කින් අඩු වී ඇතැයි ලෝ ප්‍රකට බ්ලූම්බර්ග් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් යන සමාජ මාධ්‍ය ජාල සහ මැසෙන්ජර් සහ වට්ස්ඇප් යන පණිවුඩ සේවා සියල්ල මෙරට වේලාවෙන් ඊයේ (4) රාත්‍රී නවයේ සිට අකර්මන්‍ය විය.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් යන සමාජ මාධ්‍ය ජාල සහ මැසෙන්ජර් සහ වට්ස්ඇප් යන පණිවුඩ සේවා සියල්ල අයත් වන්නේ ෆේස්බුක් සමාගමට ය.

සමාජ මාධ්‍ය සමාගම් අතරින් දැවැන්තම සමාගම ලෙස සැලකෙන්නේ ෆේස්බුක් සමාගම වන අතර මෙම පැය හයක බිඳ වැටීම හේතුවෙන් ෆේස්බුක් සමාගමට අයත් කොටස් සියයට 4.9කින් පහත වැටී ඇත.

එමෙන්ම ඉකුත් සැප්තැම්බර් මාසයේ මැද භාගයේ සිට මේ දක්වා කාලයේ දී ෆේස්බුක් සමාගමට අයත් කොටස් සමස්තයක් ලෙස ගත්විට සියයට 15කින් පහළ වැටී තිබේ.

මෙම කොටස් කඩා වැටීමත් සමඟ සකර්බර්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 121.6ක් දක්වා පහත වැටී තිබෙන අතර ඔහු බිල් ගේට්ස්ටත් වඩා පහළට වැටී තිබේ.

බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ ලොව බිලියනපතියන්ගේ දර්ශකයේ නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව බිල් ගේට්ස් සිවුවැනි තැනටත් මාර්ක් සකර්බර්ග් පස්වැනි තැනටත් පත්ව ඇත.

එම දර්ශකයට අනුව ඉකුත් සති කිහිපය සැලකිල්ලට ගැනීමේ දී මාර්ක් සකර්බර්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 140 සිට පහළට වැටී තිබේ.

(බ්ලූම්බර්ග්)



අදහස් (0)

සකර්බර්ගේ ධනය අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 744 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site