මියන්මාරයේ අගමැතිට සමාන බලතල එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූකීටද ලබාදීමට මියන්මාර රජය තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඒ අනුව සුකීට අගමැති හිටින් කායෝගේ බලතල හිමිවනු ඇතැයි කියති.

අගමැති උපදේශකවරිය ලෙස ඇය කටයුතු කිරීමට නියමිත බවත් පැවසේ. පසුගියදා පැවැති මියන්මාර ජනපතිවරණයට ඇගේ හිතවතකු වන කායෝ තම පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට සුකී කටයුතු කළාය. ඒ අනුව ජනපතිවරණයෙන් විශිෂ්ට ජයක් ඇගේ ජාතික ලීගයට හිමිවිය.

මීට පෙර පැවැති මහ මැතිවරණයෙන්ද සුකීගේ පක්ෂය විශාල ජයක් හිමිකරගත් අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කිරීම් හේතුවෙන් ඇයට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි විය.