අර්ථාන්විත සාකච්ඡාවක් පැවැත්වීමට නම් තලේබාන් සංවිධානය ඔවුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය.
සාකච්ඡා සාර්ථක කරගැනීමට නම් තලේබාන් සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියාවල සැලකිය යුතු අඩුවක් දැකිය යුතු යැයි ද හෙතෙම කීය.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානී හමුවෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව කීවේය. ජනාධිපතිවරුන් දෙදෙනා අතර ඩාවෝස් නුවරදී සාකච්ඡාවක් පැවැත්විණි.
“ඇෆ්ගනිස්තානයේ අනාගතය වෙනුවෙන් තලේබාන් සංවිධානය පහසුකම් හා සහාය දැක්විය යුතුයි. ඒ නිසා තලේබාන් සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සැළකිය යුතු ලෙස අඩුවිය යුතුයි. ප්‍රචණ්ඩ ක්‍රියා දීර්ඝකාලීනව නැවැත්විය යුතුයි.
සාර්ථක සහ අර්ථාන්විත සාකච්ඡාවලට එය අවශ්‍ය බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළා” යැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd