ඇමෙරිකා සහ ඉරාන නියෝජිතයන්, කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණත්, එය දින නියමයක් නොමැතිව කල් දැමුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකා සහ ඉරාන නියෝජිතයන් හමුවීමට නියමිතව තිබුණේ ඉකුත් දා අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අදාළවය. කෙසේ නමුත් ඉකුත් සති අන්තයේ ඇමෙරිකන් හමුදාව ඉරානයේ ඉලක්කවලට පහර දුන් අතර, ඉරානය පෙරළා කලාපීය රටවල ඇමෙරිකන් හමුදා ඉලක්කවලට පහර දුන්නේය. 

ඇමෙරිකා ඉරාන නියෝජිතයන් දෝහා නුවරදී හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටියත් එය දින නියමයක් නොමැතිව කල් ගියේ ඒ අනුවය.

ඇමෙරිකා පාර්ශ්වය නියෝජිනය කරමින්, සාකච්ඡා සඳහා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා ජෙරඩ් කුෂ්නර් සහ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහභාගී වීමට නියමිතව සිටි බව ද මාධ්‍ය වාර්තා පැවැසීය. සාකච්ඡා සම්බන්ධයෙන් මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යයයි.