මියන්මාරයේ ජනපති ලෙස අවුන් සාන් සූකී ගේ පක්ෂයෙන් ඉදිරිපත් වූ ඇගේ රියදුරු හිටින් කායෝ තේරී පත්ව ඇතැයි එරට පුවත් සේවා කියයි.
1962 න් පසු හමුදාවට සම්බන්ධ නොවූ සිවිල් වැසියකු ලෙස ජනපති පදවියට තේරී පත්වූ පළමු පුද්ගලයා ලෙස කායෝ හැඳින්විය හැකිය. හමුදා පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට පිවිසෙන මියන්මාරයේ ජනපතිවරණය අද (15) පැවැත්විණි.
ඒ සඳහා මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සූකීට තරග කිරීමට නොහැකිවූයේ හමුදා පාලනය පසුගිය කාලයේ සිදුකළ ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙනි. ඒ සැමියා විදේශිකයකු වීම හේතුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවට කළ සංශෝධනයයි.
අවුන් සාන් සූකීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය පසුගිය මහමැතිවරණයෙන්ද දැවැන්ත ජයක් ලැබීය.
කායෝ සුකීගේ සමීපතමයකු ලෙස දිගු කාලයක් කටයුතු කළ අතර ඔහුගේ පියා ජනප්‍රිය කතුවරයකු හා කවියකු වන මින් තූ වුන්ය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සූකී කළ කාර්ය භාරය අගයමින් 1991 වසරේදී ඇය නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවාය.
මියන්මාර පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් එරට ජනපති පත් කරගන්නා අතර ආසන 650ක නියෝජිතයන්ගෙන් 360ක ගේ මනාපය සූකීගේ පක්ෂයට හිමිවිය. තරගකරුවන් තිදෙනෙක් ජනපතිවරණයට ඉදිරිපත්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස නැමුවේ නෑ. චීනෙට ඕනේ විදිහට වැඩ කලා විතරයි. (ර)
අපෙත් හිටියා නේද නොබෙල් තෑග්ග ගන්න තරමේ රට පාලනය කළ කට්ටියක්? අනේ මන්දා කොයි දේශපාලුවා දිහා බැලුවත් මොකක්හරි වැරැද්දක් (නි)
ලංකාවෙනම් මේජර් පට්ටම් කැප්ටන් පට්ටම් තමයි (බ)
අපෙත් ඉන්නවා එක්කෙනෙක් ඔය වගේ වැඩ කරලා නොබෙල් තෑග්ග ගන්න බලාගෙන.. (නි)
ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ කියල කියමනක් තියෙනවා... ලෝකෙට එකක් පෙන්නුවට ඇතුලේ තියෙන්නේ වෙනම දෙයක්... මියන්මාරයේත් එහෙමයි... නමුත් ලෝකයෙන් වහන් කරගෙන තිබ්බ ජාතිය දැන් ලෝකෙටම විවෘත්ත වෙලා නිසා ජනතාව සූ චී ට ආදරෙයි ... සු චී බටහිරට ගැතියි... බටහිරත් සු චී ට ආදරෙයි... පස්සේ කවදා හරි ජනතාවට හරි වැරැද්ද තේරෙයි... සියල්ල සාපේක්ෂයි (හේ)
චීනය දියුණුවුණෙත් ඇමරිකාව සමග සමීප සබඳතා ඇතිකරගෙන ඇමරිකානු ව්‍යාපාරිකයන් චීනයට පැමිණ ඇමරිකානු කර්මාන්ත චීනයේ ඇතිකළාට පසුවයි. එදා මේඩ් ඉන් ඇමරිකා කියා ලංකාවට ගෙනා ඩෙල් පරිගණකය අද ලංකාවට එන්නේ මේඩ් ඉන් චෛනා කියා චීනයෙන්. එනිසා ඇමරිකාව සමඟ සම්බන්ධතා පවත්වන රටවල් ඇමරිකාවේ රූකඩ කියා හඳුන්වන එක වැරදියි. (නි)
රජින්දගේ කතාව හරියටම හරි (නි)
රජින්ද, නරියත් මිදි තිත්තයි කිව්වලුනේ. (නි)
සුකීගේ රියදුරා මියන්මාර ජනපති වීම ඕක මහා දෙයක් ද අපේ රට දිහා බැලුවම. (ර)
ඩිලාන් ඔබ දැනගත යුතු දේ බොහොමයි. (ර)
නොබෙල් තෑග්ග ගන්න කරන්න තියෙන ලෙහෙසිම වැඩේ තමයි ඉතින් රට පාවල දීල අනුන්ගේ රූකඩයක් වෙන එක. සුකී, ඇමෙරිකාවේ රූකඩයක් වුනා වගේම සුකීගේ රියදුරු ජනාධිපතිත් සුකීගේ රූකඩයක් වෙයි. අන්තිමේදී මුළු රටම බලියක් වගේ පෙනෙයි. (බ)
කවුරු මොනවා කිවත් නොපසුබසිනා උත්සාහයත් , බුද්ධියත්, රට වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රය ඉස්තාපිත කිරීමේ වගකීම නොපිරිහෙලා ඉටු කල අපේ කාලයේ දිරිය ගැහැණිය, ජයවේවා.! (ර)
රජින්ද මෝඩ කතා කියන්න එපා... මියන්මාරයේ තිබුණු කෘර හමුදා පාලනයට වඩා සුකී ගේ පාලනය 100 ගුණයක් යහපත් වෙයි.. ඇමරිකාව වැනි බටහිර ප්‍රජාතන්ත්රවාදී රටවල් සමග මිත්‍රවීම රටක් කල යුතුමයි.. ඔබට බටහිර විරෝදී ඒකාධිපති රටක ඉන්න කැමතිනම් උතුරු කොරියාවට හෝ කියුබාවට යන්න (අ)
ඇත්තටම මියන්මාරයේ හමුදා පාලනය කිසිම රාජ්‍යකට හිස නැමුවේ නැහැ. දැන් ඉතින් ඇමරිකන් හිතවාදී රුකඩ පාලනයක් එයිද ? (ර)